hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:31



තමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වී සිටින්නේ පාක්ෂිකයන්ගේ විශ්වාසයත් රටේ ජනතාවගේ විශ්වාසයත් දිනා ගැනීම තුළ බවත් තමාට පක්ෂයේ නායකයා වීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ සිටින්නේ එපාපයේම සහෝදර මන්ත්‍රීවරු බවත් ඒ නිසා මේ කණ්ඩායම් දෙක එක්විය යුතු බවත් පෙන්වා දෙන විජේවර්ධන මහතා දක්ෂ දේශපාලනඥයන් වෙනත් පක්ෂවලත් සිටින බැවින් ඔවුනුත් එජාපයට සහය දීමට සාකච්ඡා කරන බවත් කියා සිටියා.

තරුණ අලුත් මුහුණු එජාපයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වැඩපිළිවෙල යටතේ එජාපයට ජයග්‍රහණය කරා යන ගමන අසීරු නොවන බවත් ඔහු පෙන්වා දුන්නා.

විජේවර්ධන මහතා වැඩිදුරටත් පැවසූවේ මැතිවරණයක් ආසන්න වෙද්දී කණ්ඩායම් ගණනාවක් එජාපය සමග එක් වීමට සූදානම් බවයි.

මේ අතර අනෙක් පක්ෂ, සියලු කණ්ඩායම්වල නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේම පළාත් පාලන ආයතන නියෝජිතයොත් සාකච්ඡා කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළා.

“සජබේ බොහෝ දෙනෙක් මාත් සමග කතා කරනවා. ඒ අයගේ ආසාවක් තියෙනවා සර්ව පාක්ෂික ආණ්ඩුව සමග එකතු වෙන්න. එහි නායකයතුමාගේ තීරණය එනතුරු තමයි මේ කට්ටිය බලාගෙන ඉන්නේ. පක්ෂ පාට පැත්තකට තියලා සියලු දෙනාම සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ මොහොතේ එකතු වුණොත් මම හිතනවා රට සංවර්ධනය කරා ගෙන යන්න හොඳ අවස්ථාවක් උදාවේවි. ජනාධිපතිතුමාට හොඳ දර්ශනයක් වැඩපිළිවෙළක් තිබෙන නිසා සර්ව පාක්ෂික ආණ්ඩුව හැදුවොත් අපට මේ රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගන්න පුළුවන් වේවි.” යැයි විජේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: