hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 24, ප.ව. 4:22



ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ  20/20 ක්‍රිකට්  තරඟය නැරඹීම සඳහා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් 14 දෙනෙක් රුපියල් හය කෝටි හැත්තෑ හය ලක්ෂ අනූ තුන් දහස් හයසිය හැත්තෑ නවයක මුදලක් වියදම්කර තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) පැවසුවා.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීමකට කෙරුණු විගණනයේ වාර්තාවට අනුව මේ කරුණු හෙළිදරව් වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ දූෂණ හෙළිදරව් කළ විට එය රංගන ශිල්පිනියකගේ ඇගේ තියා වහ ගන්න හැදූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් හේෂා විතානගේ මහතා සඳහන් කර සිටියා.

14 දෙනෙක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ දවස් දහයක් ගත කරන්න විලි ලැජ්ජාවක් නැති නම් ඔවුන්ට ක්‍රිකට් හදාගන්න අබමල් රේණුවකවත් හැගීමක් නැති බව කිව යුතු බව කී මන්ත්‍රීවරයා ඒ දාහතර දෙනාගෙන් තුන් දෙනෙක් පමණක් රුපියල් විසිපන් ලක්ෂ අනූහයදාස් හත්සිය පනස් නවයක් ආපසු ගෙවා තිබෙන බව සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: