hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 27, පෙ.ව. 11:45



මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසම විසින් පළාත් පාලන මැතිවරණ බල ප්‍රදේශ සීමා නිර්ණය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා දේශපාලන පක්ෂ කැඳවා පවත්වන ලද විශේෂ රැස්වීම පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති ප්‍රධාන පක්ෂ දෙක විසින්ම වර්ජනය කර ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය එලෙස මෙම රැස්වීමට නොපැමිණි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකයි.

එහෙත් පොහොට්ටුවට සම්බන්ධ ඇතැම් හවුල්කාර පක්ෂ සහ සමගි ජන බලවේගයට සම්බන්ධ ඇතැම් හවුල්කාර පක්ෂ මෙම හමුවට පැමිණ තිබෙනවා.

මෙහිදී එජාපය නියෝජනය කළ පක්ෂ නියෝජිතයන් යෝජිත පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටීම විශේෂයක්. එහෙත් රැස්වීමට සහභාගි වූ බහුතර පක්ෂ ඉල්ලා සිටියේ නියමිත පරිදි පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසයි.

ඇතැම් පක්ෂ සීමා නිර්ණය මගින් මහජන නියෝජිතයන් සංඛ්‍යාව අඩු කිරීමට විරුද්ධව අදහස් දක්වා තිබෙන අතර තවත් සමහර මුස්ලිම් හා දෙමළ පක්ෂ සීමා නිර්ණය කටයුතු සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විශ්වාසයක් නැතැයි ප්‍රකාශ කර තිබෙනවා.

සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ තමන් කැඳවූ රැස්වීමට පැමිණි පක්ෂවලට ස්තූතිය පළ කරන අතර, නොපැමිණි පක්ෂ ගැන කනගාටු වන බවයි.

ඡන්දයට හා බලය ලබාගැනීමට උනන්දු වන අතරම මෙම කටයුතු සඳහා සහාය දීමද ප්‍රධාන පක්ෂවල යුතුකමක් බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් නොපැමිණි දේශපාලන පක්ෂවලට අද (27) පැවැත්වෙන දේශපාලන පක්ෂ රැස්වීම සඳහා නැවත ආරාධනා කරන බවද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: