hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 25, පෙ.ව. 9:49



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහාය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට එහි ප්‍රධාන තනතුරු ලබා ගැනීමේ උපක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එම කණ්ඩායමට පක්ෂ මහලේකම් කම හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තනතුර ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරතවන බවද වාර්තාවේ.

මේ සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආශිර්වාදයද ලැබී ඇතැයි දැනගන්නට ඇත.

මේ ගැන සැලවිම නිසා දයාසිරි ජයසේකර මහතා දැඩි කලකිරීමෙන් පසුවන බවත් පක්ෂයේ කටයුතු වලින් තරමක් ඇත්වී ඇති බවත් වාර්තාවේ.

මිට පෙර ජයසේකර මහතාගේ ආසනයේ පැවැත්වීමට තිබු පක්ෂ සම්මේලනයද ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රීවරුන්ගේ උවමනාවට කොළඹට රැගෙන ඒමට කටයුතු කල බවද ඉහත ආරංචි මාර්ග සඳහන් කළා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: