hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 31, ප.ව. 4:28



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පක්ෂයට අභියෝගයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (31) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදීයි.

පොහොට්ටුව සඳහා අද රටේ ජන මතයක් නොමැති බවත්, නමුත් ඔවුන් රැස්වීම් ආදිය පවත්වමින් පත්‍රිකා බෙදමින් ජනමතයක් ගොඩනගා ගැනීමට දැඩි වෙහෙසක් ගන්නා බවත් ඔහු පැවසුවා.

පොළොන්නරුව ප්‍රදේශයේ ද එවැනි රැස්වීම් පැවති නමුත් ජනතාව ඒ සඳහා සහභාගී වුණේ කැමැත්තෙන් නොවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: