2023 සැප්‍තැම්‍බර් 22, ප.ව. 12:54
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායක මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා.
සිය පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධුරය අත්හිටුවීමට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා විසින් නඩුවක් ගොනු කර තිබුණා.
එම නඩුව අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා දැනුම් දී තිබෙනවා.
ඒ අනුව විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා දීර්ඝ කිරීමට විනිසුරුවරයා නියෝග කළ බව ද සඳහන්.
නඩුවට අදාළ විරෝධතා සහ උත්තර මීලඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇති බවයි වාර්තාවන්නේ.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
15-05-26
15-05-26
13-05-26
13-05-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
08-05-26
08-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
04-05-26
04-05-26
01-05-26
01-05-26
27-04-26
27-04-26