hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 9:51



ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමට එජාප ප්‍රබලයන් පිරිසක් සැරෙසෙන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ එජාප පාර්ලිමේන්තු කණ්ඩායමක් ජනාධිපතිවරණයට පෙර සාදා ගැනීම බවද වාර්තාවේ.

යම් ලෙසකින් කලින් ජනාධිපතිවරණය පැවැත්වුව හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් පක්ෂයේ ප්‍රචාරණ වැඩවලට නොමැති වීම විශාල පාඩුවක් බව ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දීමට නියමිතව ඇත.

හැකි ඉක්මනින් එජාප මෙහෙයුම් කමිටුව රැස්කර මේ ගැන නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දෙන බවද ඉහත ප්‍රකාශකයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: