hit counter

2025 සැප්‍තැම්‍බර් මස 29 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:14



ඉදිරි ආණ්ඩුවක් යටතේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන්ගෙන් කිහිපදෙනෙක්ම නීතිය ඉදිරියේ දඬුවම් ලබන්න නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ,

“පක්ෂය ඉතාමත්ව ශක්තිමත්ව ගම් මට්ටමින් නැවතත් අපෙන් ඈත් වුණු ජන කොටස් ඒකරාශි කරගෙන ඉස්සරහ⁣ට යනවා.

මිනිස්සුන්ට නීතිවිරෝධී ආකාරයෙන් වත්කම් තිබුණොත් තමයි ඒකට ප්‍රශ්න වෙන්නේ. දැන් අපි හැමෝම අපේ වත්කම් දීලා තියෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන් දීපු වත්කම් ප්‍රකාශවල තියෙනවා රටේ නීතියට පටහැනි වත්කම්. මේවා හොයන්න ඕන.

ඉදිරි ආණ්ඩුවක් යටතේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන්ගෙන් කීපදෙනෙක්ම අනිවාර්යෙන්ම නීතිය ඉදිරියේ දඬුවම් ලබන්න නියමිතයි.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම් සාගර කාරියවසම් මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: