hit counter

2025 ඔක්‍තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:17



ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (12) දින පෙරවරුවේ කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබාදීම බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතව ඇත.

ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් 2,000කට මෙහිදී නිවාස හිමිකම් ලබා දීමට නියමිතය.

සුවපහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමඟ එක්ව මෙරට මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිය වැවිලි ප්‍රජාව සඳහා හුදෙක් නිවසක් ලබාදීමක් පමණක් නොව මව්බිමට ජවයක් සපයන “ගෞරවනීය පුරවැසියෙක්” බවට පරිවර්තනය වීමේ මූලික අඩිතාලම වනු ඇත.

ඒ අනුව කඳුකර වතු ප්‍රදේශ වල පදිංචිව සිටින මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ආරක්ෂිත, පරිසර හිතකාමී, මූලික පහසුකම් සහිත නිවාස ලබාදීම මෙම වයාපෘතියේ අරමුණ වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: