hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 23, ප.ව. 6:15



මාලිමා ආණ්ඩුව පරාද කරන්න හෝ එළවන්න තරම් වරදක් තාම කරලා නැති බවත් අනිත් රජයන් සමග සසදන විට මේ ආණ්ඩුව සියයට 100%ක් හොද බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කළේ,

“මේ කාලේ හරි විදිහට හොරු අල්ලගෙන යනවා. දූෂණය බොහොම අවමයි. පිටරට සවාරි යද්දි එහෙම නායකවරුන් සහ නායිකාවන් බොහොම සුළු පිරිසක් අරන් යන්නේ. ඉතිං සංසන්දනය කර බලද්දි හිටපු ආණ්ඩුත් එක්ක මේ ආණ්ඩුව එහෙම පරාද කරන්න හෝ එළවන්න තරම් වරදක් තාම කරලා නෑ.

හොරු කීදෙනෙක් දැන් හිරේ ඉන්නවාද. නම් කියන්න බෑ. මට ආයෙ නඩු වැටෙයි. හොරු රාශියක් හිරේ ඉන්නවා. ඒ සියලු දේපල රාජසන්තක කරලා තියෙනවා. අර පනතක් අලුතින් ඇවිල්ලා තියෙනවානේ. ඒක අපූරුවට ක්‍රියාත්මක වෙනවා. ලොකු මුදලක් භාණ්ඩාරගාරට ආව. ඒ කියන්නේ ජනතාවට ලැබුණා.

මම හිතන්නේ ඒ ටික හරියට කෙරෙනවා. අපි යහපාලන ආණ්ඩුව බැලුවත් යහපාලන ආණ්ඩුව ඇවිල්ලා මාස දෙකක් ඇතුළත මහ බැංකුව කඩලා අහුවුණා නේ. එහෙම දෙයක් මෙයාලගේ වුණේ නෑ. මම මේගොල්ලෝ නිර්දෝෂී කරනවා නෙමෙයි. යම් යම් පොඩි පොඩි දේවල් තියෙනවා.

මම හිතනවා අනිත් රජයන් සමග සසදද්දි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ රජය ඒ අයට වඩා සියයට 100%ක්ම වගේ හොදයි කියලා මට හිතෙන්නේ අවංකවම. කවුරුහරි ඇවිල්ලා රට හදනවා නම් ඒකට මම සහයෝගය දෙනවා. දැනට නීතිය හොදට ක්‍රියාත්මක වෙනවා.”

“මම ඒකනේ කීවේ එදා ඉදින් මේ ඔක්කොම හොරු මල්ලි. මේ ඔක්කොම යාළුවෝ කියලා. ඉතින් ඒ දේවල් අද ඇත්ත වෙලා තියෙනවානේ. ඒ කියන්නේ හොරු හොරු යාළුවෝ. ඒගොල්ලෝ ඡන්ද වලට නාමයෝජනා දෙනවා, ආයෙ පත්වෙනවා. ඉහළ තැන්වලට යනවා. ඊට පස්සේ සනුහරේටම ඇතිවෙන්න හොරකම් කරනවා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: