2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:23
ව්‍යසනය හමුවේ ආණ්ඩුකරණයේ නොහැකියාව පදනම් කරගෙන ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.
ඒ සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා ලෙස ඔහු ප්‍රධාන විපක්ෂයෙන් ඉල්ලා සිටියි.
ජනාධිපතිවරයා හා ඇමතිවරු නොකර හැරියේ මොනවා ද යන සියලු කාරණා මේ තුළින් ජනතාවට දැන ගැනීමට හැකිවනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.
වත්මන් ආණ්ඩුව ව්‍යසනයේදී අවශ්‍ය පියවර නොගැනීම, ඉතා ම සූක්ෂ්ම ආකාරයෙන් ඔවුන්ගේ නොසැලකිල්ල, නොහැකියාව සහ සමහර ස්ථානවල සිතාමතා කරපු වැරදි රාජ්‍ය බලය, ආණ්ඩු බලය භාවිත කරමින් වසාගන්න ලොකු උත්සාහයක් දරන බව ද මහ ලේකම්වරයා සඳහන් කරයි.
විපතට පත් ජනතාවගේ කඳුළු තුළින් හා මරණ තුළින් දේශපාලනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය නතර කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මහ ලේකම් සාගර කාරියවසම් මේ බව පැවසීය.
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:36
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:25
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:17
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26