hit counter

2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා

2026 අප්‍රේල් 18, පෙ.ව. 12:12



ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට තම පක්ෂය අපේක්ෂා කරන බව එම පක්ෂයේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහලේකම්වරයා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතාට මේ වන විටත් මෙරට දේශපාලනය තුළ විශාල ජනප්‍රසාදයක් සහ ජනමතයක් ගොඩනගමින් සිටින බවයි.

නාමල් රාජපක්ෂ මහතා අනාගත ලෝකය දකින්නට හැකි සහ ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව ඇති නායකයෙකු ලෙස පක්ෂය හඳුනාගෙන ඇති බවද ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

“අපේ පක්ෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කළෙත් නාමල් රාජපක්ෂ. ඒ වගේම මේ වෙනකොට මේ රටේ ලොකු ජනප්‍රසාදයක් දිනා ගනිමින් ඒ වගේම විශාල ජනමතයක් ගොඩනගමින් මේ රටේ අනාගත නායකත්වයට සුදුසු, ඒ අනාගත ලෝකය දකින්න පුළුවන්, ලෝකය සමඟ ගනුදෙනු කරන්න පුළුවන්, ඒ දැක්මක් ඇති, තරුණ නායකයෙක් හැටියට නාමල් රාජපක්ෂ මහතාට හොඳ පිළිගැනීමක් ලැබෙමින් තියෙනවා. මේ තත්ත්වය යටතේ ඉදිරියේදී ඉදිරි ජනාධිපතිවරණයකටත් නාමල් රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන්න තමයි අපේ පක්ෂය මේ වන විට අදහස් කරගෙන ඉන්නේ..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: