2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:16
තමන් නියෝජනය කරන පන්තියේ සාමාන්‍ය ජනතාව විඳින දුක් ගැහැට හේතුවෙන් ඔවුන් වයසට වඩා මහලු පෙනුමක් පෙන්නුම් කරන බවත්, එම තත්ත්වය වෙනස් කර ජනතාවට සතුටින් සහ සැපෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.
“අද අපේ පන්තියේ මිනිස්සුන්ගේ හැටි බලන්න. හැම මනුස්සයෙක්ම වයසට වඩා වයසට ගිහින්, ඇස් යට ගිහින්, හකු බැහැලා. ඒ තමයි අපේ පන්තියේ හැටි. හැබැයි මේ පන්තිය හැමදාම මෙහෙම ඉන්න ඕන නැහැ. අපිත් සැප විඳින්න ඕන, සතුටින් ඉන්න ඕන. අපි රදළ පන්තිවලවත්, ධනපති පන්තිවලවත් ඉපදුණු අය නෙවෙයි. අපිත් ඔබ වගේම අහිංසක අම්මා තාත්තාගේ දරුවෝ.”
තමන් දේශපාලනය කරන්නේ තම පන්තියේ මිනිසුන්ට යුක්තිය, සාධාරණත්වය සහ නිවහල්භාවය ලබා දීමට බව පැවසූ ඒ මහතා, බලය ලබාගෙන ජනතාවට සේවය කිරීම පිළිබඳව සතුටු වන බව ද ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි වසර කිහිපය තුළ රටේ සහ ජනතාවගේ ජීවිතවල කැපී පෙනෙන වෙනසක් සිදු කරන බවයි.
“තව අවුරුදු තුන හතරක් යනකොට බලන්න ඔබ උපන් රට කොච්චර ලස්සන වෙයිද කියලා. ඔබේ ජීවිත, ඔබේ ගෙවල් දොරවල් සහ දරුවන්ගේ අනාගතය කොතරම් සුන්දර වෙයිද කියලා බලන්න. ඒ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා මේ ලස්සන රට ගොඩනගමු”
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:22
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:13
04-08-26
04-08-26
03-08-26
03-08-26
01-08-26
01-08-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
30-07-26
30-07-26
29-07-26
29-07-26
29-07-26
29-07-26
27-07-26
27-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26