hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:18



චන්දිමාල් කියන්නේ අසරණ අහිංසක මිනිස්සුන්ට, පන්සල්වලට, අසරණ වුණු අයට ඕන තරම් උදව් උපකාර කරන මනුස්සයෙක්. එයා ජීවත් වෙන්නේ එයා ආස විදිහට.

​අපි දැනගන්න ඕනේ තව දෙයක් තියෙනවා කාටවත් කරදරයක් නැතුව තමන්ගේ සල්ලියෙන්, තමන්ගේ සතුට හොයාගෙන ජීවත් වෙන මනුස්සයෙකුගේ අඩුපාඩු කියන්න, අකුරු 4 කුණුහරුපෙන් බනින්න අපිට තියෙන අයිතිය මොකක්ද?

​ඇඳුමෙන්, හැසිරීමෙන් හරි තමන් කැමති විදිහට ජීවත් වෙන එක කෙනෙකුගේ පෞද්ගලික අයිතියක්. අනුන්ට හිංසාවක් නොකරන තාක් කල් ඕනෑම මනුස්සයෙකුට ගෞරවයෙන් ජීවත් වෙන්න මේ සමාජයේ ඉඩක් තියෙන්න ඕනේ.

​සමාජ මාධ්‍ය ඇතුළේ කෙනෙක්ව මානසිකව වට්ටලා, තමන්ගේ හිතේ තියෙන කුහකකම පිටකරන එක නෙමෙයි මිනිස්කම කියන්නේ.

​”මම දන්නවා කවදාවත් මගේ ජීවිතේ මට වෙඩින් එකක් ගන්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසයි මම මගේ උපන්දිනේ හරි හැමදේම හිතේ සතුටින් සමරන්නේ. මම ආස ඇඳුමක් ඇන්දත් බනිනවා, නැටුවත් බනිනවා, කෑවත් බනිනවා… මම කාටවත් කිසිම වරදක් කරලා නැහැ. ඉතින් ඇයි මට මෙච්චර බනින්නේ…?”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: