2026 ඔක්තෝබර් 06, පෙ.ව. 12:09
රටේ අනාගත උරුමක්කරුවන් වන දරුවන්ට යහපත් වටපිටාවක් සකසා දිය යුතු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ මේ වන විට මත්ද්‍රව්‍ය ව්‍යසනය කොළඹ පාසල් ආශ්‍රිතව මෙන්ම ගම්බද පාසල් ආශ්‍රිතවත් වේගයෙන් ව්‍යාප්ත වී බරපතළ පිළිලයක් බවට පත්ව ඇති බවයි.
දිනකට වයස අවුරුදු 14-15ත් අතර ගැහැණු සහ පිරිමි ළමුන් යන දෙපාර්ශවයම මත්ද්‍රව්‍ය වැරදි නිසා පොලිස් අත්අඩංගුවට පත්වන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එම නිසා අනාගත පරපුරේ මතු යහපත උදෙසා මේ වන විට රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව දැවැන්ත මෙහෙයුම් යාන්ත්‍රණයක් රජය විසින් දියත් කර ඇති බව ආනන්ද විජේපාල මහතා කියා සිටියා.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ එම වැඩසටහනට අවශ්‍ය නායකත්වය ලබාදෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බවයි.
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජාතික සභාව, දිස්ත්‍රික් සභාව, ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුව සහ 14,150ක් වන මහජන ආරක්ෂක කමිටු හරහා සමස්ත සමාජය ස්ථර 4කට බෙදා මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන උදෙසා ජාලගත කර ඇති බව ඔහු පවසා සිටියා.
ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ අනාගත පරපුරට යහපත් රටක් නිර්මාණය කර දිය නොහැකි නම් නම් අහස උසට මාළිගා හැදුවත් ඉන් ඵලක් නොවන බවයි.
දරුවන් ආරක්ෂා කරගැනීම උදෙසා රජයක් ලෙස අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව තවදුරටත් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවා.
“ මතින් තොර සමාජයක් මතින් තොර තරුණ පරපුරක් නිර්මාණය කරගැනීම අවශ්‍යයි. මේ වෙනකොට දෛනිකව වයස 14-15 ගැහැණු ළමුන් පිරිමි ළමුන් අත්අඩංගුවට පත්වෙනවා. මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය කොළඹ පාසල් වගේම ගම්බද පාසල්වලටත් බරපතළ විනාසයක් අත්කරලා දීලා තියෙනවා. ඒ හින්දා මේ වටිනා තරුණ සම්පත එහෙම නැත්නම් අපේ අනාගත බලවේගය අපි ආරක්ෂා කරන සමාජ වපිටාවක් නිර්මාණය කිරීම අත්‍යවශය කාරණයක්.
ඒ නිසාම අපි මේ මත්ද්‍රව්‍ය ජාවාරමටත්, සංවිධානාත්මක අපරාධවලටත් එරෙහිව දැවැන්ත මෙහෙයුම් යාන්ත්‍රණයක් මේ රටේ අපි දියත් කරලා තියෙනවා. මේ සඳහා නායකත්වය අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා ලබා දෙනවා. ඒ වගේම අපි තල 4ක් ඔස්සේ මේ සමස්ත සමාජය අපි සංවිධානය කරලා තියෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජාතික සභාව, දිස්ත්‍රික් සභාව, ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුව සහ 14,150ක් වන මහජන ආරක්ෂක කමිටු හරහා සමස්ත සමාජය ජාල ගත කරලා සංවිධානය කරලා තියෙනවා.
ඒ ඔබ මේ මතින් තොරව ආරක්ෂා කරගන්න. හෙට දවසේ පාසලෙන් බැහැරව සමාජයට යන දරුවාට, විශ්වවිද්‍යාලයට යන දරුවාට සුරක්ෂාව, රැකවරණය සහිත සමාජයක් අපිට හදලා දෙන්න බැරි නම් අහස උසට මාළිගා හැදුවත් වැඩක් වෙන්නේ නෑ. අපේ රටේ තරුණ පරපුර ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග අපේ රජය අරගෙන තියෙනවා.”
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 12:00
05-10-26
05-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26