2026 නොවැම්බර් 12, පෙ.ව. 12:19
රට තුළ ඇතැම් සමාජ මාධ්‍ය සහ සංවාද තුළ මතුවන මාතෘකා මෙන්ම ගුරුවරුන් පිරිසක් විසින් රජය විවේචනය කිරීම පිටුපස ඇති සැබෑ හේතුව සම්බන්ධයෙන් ප්‍රවීණ දේශක සහ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් විශේෂ අදහස් දැක්වීමක් කර තිබේ.
09/11/2026 දිනට යෙදී තිබූ මෙම ප්‍රකාශය හරහා ඔහු පෙන්වා දී ඇත්තේ හේමප්රිය කවිරත්න මහතා තමාගෙන් කළ විමසීමකදී මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි. රජයට සහයෝගය දැක්වූ ඇතැම් ගුරුවරුන් හදිසියේම ජාතිය, ආගම, බෞද්ධකම, රජරුවෝ සහ විවිධ පනත් මෙන්ම රට මැද්දෙන් ඇති පාරවල් වැනි මාතෘකා ඉදිරියට ගනිමින් රජයට දොස් නඟන්නේ මන්දැයි හේමප්රිය කවිරත්න මහතා තමාගෙන් ඇසූ බව සන්නස්ගල මහතා සඳහන් කරයි.
එහිදී තමන් “ඔව්, එවැනි ගුරුවරුන් කිහිප දෙනෙකු දැක ඇත්තෙමි” යැයි පැවසූ බවත්, එහි හේතුව දන්නේදැයි ඇසූ විට “නැත”ැයි තමන් පිළිගත් බවත් ඔහු පවසයි. කෙසේ වෙතත්, කෝටි හය, හත, අට වැනි විශාල ආදායම් ලබන ඇතමුන්ට බදු පැනවීම හේතුවෙන් සහ එම බදු නිසි ලෙස ගෙවීමට නොහැකි වීම නිසා මෙලෙස ආණ්ඩුවට දොස් නඟමින් විවිධ මාතෘකා මතු කරන බවට තදින්ම ප්‍රකාශ කළ බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත
2026 නොවැම්බර් 12, පෙ.ව. 11:12
2026 නොවැම්බර් 12, පෙ.ව. 11:05
2026 නොවැම්බර් 12, පෙ.ව. 10:41
2026 නොවැම්බර් 12, පෙ.ව. 10:24
2026 නොවැම්බර් 12, පෙ.ව. 10:17
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
10-11-26
10-11-26
10-11-26
10-11-26