hit counter

2026 නොවැම්‍බර් මස 20 වන සිකුරාදා

2026 නොවැම්‍බර් 21, පෙ.ව. 12:11



ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිමකින් තොරව සෞඛ්‍ය කාර්යමණ්ඩලය සදහා අතිකාල හා නිවාඩු දින වැටුප් සදහා රුපියල් මිලියන 50,938.54ක මුදලක් ඉකුත් වර්ෂයේ දි (2025) ගෙවා ඇති බව අනාවරණය වී ඇත.

අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැයකර තිබු මුළු මුදල වැටුප් පිරිවැයෙන් සියයට 86.36ක් බවද අනාවරණය වි ඇත.

භාණ්ඩාගාර ලේකම් විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෙත නිකුත්කර තිබු ලිපිය ප්‍රකාරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පැමිණීම හා පිටවිම සනාථ කළ හැකි පරිදි ඇගිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්නේනම් වර්තමාන වැටුපට අනුව අතිකාල දීමනා නෙගෙවීමට  වගබලාගතයුතු බව දන්වා තිබුණි.

කෙසේවුවද සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් හා ආයතන සදහා රුපියල් මිලියන 31.08 මුදලක් වැයකර ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිශ්ක්‍රියව පැවතුණි.

 සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: