2022 නොවැම්‍බර් 22, පෙ.ව. 10:08
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත තිබෙනවා.
ඒ අනුව පක්ෂයේ අනුශාසිකා, හිටපු සභාපතිනි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපති සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර තිබෙනවා.
මේ බව තීරණය කර ඇත්තේ ඊයේ (21) පස්වරුවේ රැස් වූ මධ්‍යම කාරක සභාවේදීයි.
තව ද එම පිරිසට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර එම කටයුතු නිමා වන තෙක් මේ පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් සඳහන් කළේ, පක්ෂය තුළ අනවශ්‍ය බෙදීම් ඇති කළ බවට සහ පක්ෂ විනය කඩ වන අයුරින් කටයුතු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව ය.
මීට අමතරව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් සිල්වා, අංග්ජන් රාමනාදන් සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු පත්කර ඇතැයිද ඔහු කියා සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
03-07-25
03-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
18-06-25
18-06-25
17-06-25
17-06-25
16-06-25
16-06-25
12-06-25
12-06-25
12-06-25
12-06-25