hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 8:09



මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම විද්‍යාලය ඇතුළු අවට භූමිය 2015 වසරේ දී දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් වෙන් කර තිබු අතර ඊට පැමිණෙන ප්‍රභූවරයකු ඉලක්ක කර ගෙන මෙම අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනවිත් සගවා තැබුවේද ? එසේත් නොමැති නම් වෙනත් අපරාධයකට සැලසුම් කළේද ? යන්න සෙවීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

එම සිවිලිම තුළ සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත බවට සැක කළ හැකි ගිනි අවියක්, ටී 56 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කළ හැකි මිලි මීටර් 7.62 පතොරම් 20 ක්, මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 138 ක් , මිලි මීටර් 3.2 පතොරම් 31 ක්, ඩෙටනේටර් 02 ක්, ටී.එන්.ටී.යයි සැක කළ හැකි පුපුරණ ද්‍රව්‍ය ග්රෑම් 194 ක්,ඩෙට් කෝඩ් (සේවා නූල්) දිග සෙන්ටි මීටර් 115 ක් ඇතුළු තොගයක් පොලීසිය සොයා ගනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: