2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:45
            
මධ්‍යම හා ඉහළ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නවයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.
මෙලෙස නිවාස ව්‍යාපෘති ඉදිකෙරෙන්නේ, මාකුඹුර, මාලබේ, බොරලැස්ගමුව, ස්ටේඩියම්ගම, ඔරුගොඩවත්ත අදියර 1 හා 2, පෑලියගොඩ අදියර 1හා 2 සහ අනුරාධපුර යන ප්‍රදේශවලයි.
මෙම නිවාස ව්‍යාපෘති නවය, නිවාස ඒකක 2918 කින් සමන්විත බවයි අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
ඉකුත් 2021 වසරේදී මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීම ආරම්භ කෙරුණ ද ආර්ථික අර්බුද සහ වෙනත් හේතු නිසාවෙන් මෙම නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර වී තිබුණා.
නාගරික සංවර්ධන අධිකාරිය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙම නිවාස ව්‍යාපෘති සැලසුම් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිදුකරනු ලබන්නේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි.
මෙම නිවසක නිදන කාමර දෙකකින් සමන්විත වන අතර නිවසක විශාලත්වය වර්ග අඩි 700ක් වන අතර නිදන කාමර තුනකින් සමන්විත නිවසක විශාලත්වය වර්ග අඩි 900ක්.
නැඟී එන මධ්‍යම පාන්තිකයන්ගේ ආදායම් තත්ත්වයට සරිලන පරිදි මෙම නිවාස ඉදිකෙරෙන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.
මේ අනුව මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයට නිවාස සඳහා ප්‍රවේශවීමට ඇති බාධක ඉවත් කිරීම සහ රැකියා ස්ථානයන්ට පහසුවෙන් ළඟාවෙමින් නාගරික ප්‍රදේශවල පදිංචිවීමට මධ්‍යම ආදායම්ලාභීන්ට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් පෙර විකුණුම් පදනම යටතේ මෙම නිවාස ව්‍යාපෘති ඉදිකරනු ලබන අතර නිවාස මිලදී ගැනීම සඳහා අවශ්‍ය බැංකු පහසුකම්ද නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත සිදුකෙරෙන බවයි අමාත්‍යාංශය පැවසුවේ.
ඒ අනුව මාළබේ, මාකුඹුර, බොරලැස්ගමුව හා ඔරුගොඩවත්ත නිවාස ව්‍යාපෘතිවල නිවාස කිහිපයක් සඳහා දැනටමත් මුදල් ගෙවා අවසන් බවයි නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25