hit counter

2026 ඔක්‍තෝබර් මස 17 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 14, පෙ.ව. 8:54



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කියා සිටියේ පස්වරු 2ට කෝප් කමිටුව රැස්වන බවයි.

2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිදුකළ දූෂණ හා අක්‍රමිකතා පිළිබද විගණන වාර්තාවෙන් අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ගෙන් කරුණු විමසනු ඇති.

රටේ මේ වනවිට ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම කරුණු විමිසීම සඳහා කෝප් කමිටුවේ සියලු සාමාජිකයින් එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: