hit counter

2025 ජනවාරි මස 13 වන සඳුදා

2024 අගෝස්‍තු 12, පෙ.ව. 12:04



ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිරීක්‍ෂණය කිරීම සඳහා දේශීය නිරීක්‍ෂණ සංවිධාන 09ක් එක්වන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. පොදු රාජ්‍ය මණ්ඩලය හා යුරෝපා සංගමයේ නිරීක්‍ෂකයන් මෙරටට පැමිණීම සම්බන්ධව මැතිවරණ කාර්යාලය සාකච්ඡා පවත්වමින් පවතින අතර ඔවුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැත.

පැෆරල් සංවිධානය, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය, කැෆේ ඇතුළු සංවිධාන 07ක් මෙවර නිරීක්‍ෂණයට ඉල්ලුම් කර තිබේ.

මෙම සංවිධාන නියෝජිතයන් ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන් කළ සාකච්ඡාවලදී මේ බව ප්‍රකාශවී ඇත.

මේ අනුව මෙම මැතිවරණය සඳහා නිරීක්‍ෂණ නිලධාරීන් හයදාහක් සේවයට යෙදවීමට නියමිත බවද සඳහන්ය.

මේ අනුව මෙම නිලධාරීන් රටපුරා පළාත් රැසකට ගොස් මෙම නිරීක්‍ෂණ කටයුතු අරඹනු ඇත.

හොර ඡන්ද දැමීම, මැර බලය, තර්ජනය කිරීම්, රංචු ගැසීම් ඇතුළු නීති විරෝධී ක්‍රියා පිළිබඳවද ඔවුන්ගේ අවධානය යොමු කිරීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: