hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:05



ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන සැප්තැම්බර් මස 15 වැනිදා කාලසීමාව තුළ (උදෑසන 9.30 සිට දහවල් 12.15 දක්වා) විභාගයට බාධාවන රැස්වීම්, පෙළපාළි මෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර හරහා සිදුකරන මැතිවරණ ප්‍රචාරක කටයුතු නොකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සියලු ජනාධිපති ධුර අපේක්ෂකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඇති අතර ඊට අදාළ චක්‍රලේඛය සියලු පොලිස් ස්ථාන වෙත ලබා දීමට නියමිතය.

විභාග අපේක්ෂකයින් 3,23 879 දෙනෙක් සහභාගි වන ශිෂ්‍යත්ව විභාගය එළඹෙන 15 වැනිදා උදැසන දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849ක පැවැත්වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: