2024 සැප්තැම්බර් 12, ප.ව. 12:14
2024 ජනාධිපතිවරණය හේතුවෙන් හෙට (13) දිනයේ සිට බදුල්ලේ පාසල්වලට නිවාඩු ලබාදෙන බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා පසුගියදා ප්‍රකාශ කළ ද එම පාසල් හෙට දිනයේ සිට සුපුරුදු පරිදි පැවැත් වෙනවා.
මේ මස 13 වනදා සිට බදුල්ලේ තෝරාගත් පාසල් කිහිපයකට නිවාඩු දෙන බව මීට පෙර දැනුම් දුන්නද පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් නිවාඩුව සම්බන්ධයෙන් ගනුලැබූ තීරණය අනුව කටයුතු කරන බවයි ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා ගගන සමග කියා සිටියේ.
කෙසේවෙතත්, බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා තෝරාගත් බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහල මෙම මස 18,19 සහ 20 යන දිනයන්හි, වසා දැමීමට තීරණය කර ඇති බවත් එම පාසල් 23 හෝ 24 වන දිනයන්හි යළි විවෘත කරන බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව, බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහලට ලබන 24 වන දිනත් බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සැප්තැම්බර් 23 වන දිනත් ආරම්භ කිරීමට නියමිත බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට ලබන 20 වැනිදා නිවාඩු ලබා දීමට පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.
ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු බවයි අදාල නිවේදනයේ සඳහන් වුණේ.
එයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
2024 දෙසැම්බර් 21, ප.ව. 3:42
2024 දෙසැම්බර් 21, ප.ව. 2:05
2024 දෙසැම්බර් 21, ප.ව. 1:41
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:13
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:10
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24