hit counter

2026 ඔක්‍තෝබර් මස 16 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:04



එළඹෙන 03 වැනිදාට යෙදී ඇති ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් එදිනට දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.

සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එමෙන්ම එදින සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: