hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:02



2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් අයදුම්පත් සම්බන්ධයෙන් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බවයි.

ඒ අනුව ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය මැනවින් වටහාගෙන කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන්.

2024 අගෝස්තු මස 22 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුකූලවෙමින් නීතියෙන් නියම කර ඇති මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය ද සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කිරීමට කටයුතු කරනු ලබන බව ද අදාළ නිවේදනය මඟින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කර ඇත.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර මීට පෙර තීරණය කළ පරිදි ඔක්තෝබර් මස 26 වනදින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: