2024 ඔක්තෝබර් 31, පෙ.ව. 9:17
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බවයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ “රට හදන අපි එකට මාලිමාවට” යන තේමාවෙන් අද (30) පස්වරුවේ මාතර පැවති ජනතා රැලිය අමතමින් ය.
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මෙවැන්නකී,
“ඒ අය දන්නවා අපි බලය අරගෙන ඉතා කෙටි කාලයයි. අපිට බලය තියෙන්නේ ස්ථාන කිහිපයක විතරයි. දේශපාලන බලය සමාන්‍යයෙන් තහවුරු වෙන්නේ ආයතන ගාණනාවක ශක්තිමත්භාවයෙන්. ජනාධිපති ධුරය දේශපාලන බලයේ හොඳ ශක්තිමත් තැනක්. කැබිනට් මණ්ඩලය හොඳ ශක්තිමත් තැනක්. හැබැයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ අපි තුන්දෙනයි.ජනාධිපති අගමැති ඇමති. ලෝකේම ඉතිහාසගත වෙන කැබිනට් මණ්ඩලයක්. එතකොට එයාලා කල්පනා කරනවා ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් ඇතිවීමට ඉඩ නොදී මේක හොල්ලන්නේ කොහොමද කියලා.ඒ සඳහා තමයි ඉතාමත් අසත්‍ය ප්රවෘත්ති නිර්මාණ කරන්න පටන්ගෙන තියෙන්නේ. ඉතාමත් අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටිනවා.
රජ්‍ය සේවකයින්ට පඩි වැඩි කරන්න තීන්දු කළාලු, සල්ලිත් වෙන් කරාලු. කැබිනට් මණ්ඩලයත් අනුමත කරාලු. ඉතින් දෙන්න තිබුණා නේ. ඔයා අනුමත කරාත් එකයි නැතත් එකයි. සල්ලි වෙන් කරත් එකයි නැතත් එකයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළවෙනි අයවැය ලේඛනයෙන්ම පඩි වැඩි කරනවා.
මේ සමාජය තුළ දෙදරීමක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගෙන දුන්නේ ජාතික ජන බලවේගයට රාජ්‍ය සේවකයා. ඒ නිසා එතන බිඳ වට්ටන්න මේ වගේ අසත්‍ය කරුණූ ඉදිරිපත් කරනවා.මාසයයි, දෙකයි, තුනයි මේක වැටෙයි කියනවා. මතක තියාගන්න ජාතික ජන බලවේගය මේ ගොඩ නගපු ආණ්ඩුව නතර වෙන්නේ මේ රට හදලා මිස මේ ආණ්ඩුව නතර කරන්න බැරි බවත් මතක තියා ගන්න.”
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24