2025 මැයි 02, පෙ.ව. 12:21
ඩීසල් මිල රුපියල් 12කින් අඩු වුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මේ මොහොතේ බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නැහැ. ජනතාව තේරුම් ගත යුතුයි, අපි වසර 20කට වැඩි කාලයක් මිල සූත්‍රයට අනුව කටයුතු කරනවා. ඒ රාමුවෙන් බැහැරව යමින් ගාස්තු අඩු කිරීමට බලාපොරොත්තු විය නොහැකියි. රුපියල් 12ක ඉන්ධන මිල අඩුවීමක් ලැබුණා කියා ගාස්තු අඩු කළ යුතු යැයි සිතීමට හැකියාවක් නැහැ. මිල සූත්‍රය අනුව සියයට 4ක ඉන්ධන මිල අඩුවීමක් සිදුවී නැති නිසා, බස් ගාස්තු සංශෝධනය ගැන සලකා බැලීමට හැකිවන්නේ ජූලි මාසයේ වාර්ෂික ගාස්තු සංශෝධනයේදී පමණයි. මේ මාසයේ ගාස්තු අඩු කිරීමට නීතිමය හැකියාවක් නැහැ.”
බස් ගාස්තු තීරණයේදී ඉන්ධන මිල පමණක් නොව, සෙසු සියලු වියදම් ද ඉහළ ගොස් ඇති බවත්, ගාස්තු සංශෝධනයක් සඳහා ඩීසල් මිල රුපියල් 25-30කින් අඩු විය යුතු බවත් ගැමුණු විජේරත්න මහතා පැවසීය.
2026 මාර්තු 28, පෙ.ව. 12:35
2026 මාර්තු 28, පෙ.ව. 12:30
2026 මාර්තු 28, පෙ.ව. 12:23
2026 මාර්තු 28, පෙ.ව. 12:19
2026 මාර්තු 28, පෙ.ව. 12:18
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26