hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2025 ජූනි 15, පෙ.ව. 12:20



විදුලියට හෝ වෙනත් ඕනෑම භාණ්ඩයකට පිරිවැයක් ඇති බවත්ල එම පිරිවැය අනුව මිල වෙනස් වන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු විදුලිබිල අඩු කළ බවත්ල මේ අවස්ථාවේදී විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කලේය.

ජනතාව එයට හුරු විය යුතු බවත් අඩු වන විටත් වැඩි වන විටත් එයට පුරුදු විය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

නැවතත් අඩුවෙන හෝ වැඩිවන අවස්ථාවක් පැමිණිය හැකි බවත් එම දෙකම දරාගෙන ඉදිරියට යා යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙරට දේශපාලන සංස්කෘතියේ ද ගැටලුවක් පවතින බවත් පවසන ඔහු විදුලි ගාස්තු අඩු කළ විට පෙනී සිටින බවත් ගාස්තු වැඩි කළ විට හැංගෙන බවත් කියා සිටී.

එම දෙකම සිදු නොකළ යුතු ක්‍රියා බවත් ඔහු පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: