2025 ජූනි 23, පෙ.ව. 12:07
2025 වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට රජය මෝටර් රථ වාහන ආනයනයට අවසර දීමත් සමග වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ දී මෝටර් රථ වාහන 14,000ක් පමණ මෙරටට ආනයනය කර ඇති බව ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාලය තුළදී ඉන් රජය උපයා ඇති ආදායම රුපියල් බිලියන 165 ක් පමණ වන බව අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්කගොඩ සඳහන් කරයි. 2020 වසරේ දී රජය වාහන ආනයනය නතර කිරීමත් සමග මෙම වසරේ මුල දක්වා වාහන ආනයනයෙන් කිසිදු ආදායමක් මෙරටට නොලැබුණු බව ද ඔහු ප්රකාශ කළේය.
කෙසේ වෙතත් මේ වසරේදී මෝටර් රථ ආනයනයෙන් පමණක් රුපියල් බිලියන 450ක ආදායම් එක්රැස් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.
2025 වසරේ ශ්රී ලංකා රේගුවට ලැබී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන අතර ජූනි මාසයේ 15 වන දින වනවිට රුපියල් බිලියන 900ක් ඉක්මවමින් ආදායම් එක්කර ඇති බවත්, වසර අවසන් වන විට රුපියල් බිලියන 2115ක ආදායම් ඉලක්කය ඉක්මවා යෑමට අපේක්ෂා කරන බවත් අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
2025 ජූනි 23, පෙ.ව. 10:09
2025 ජූනි 23, පෙ.ව. 9:37
2025 ජූනි 23, පෙ.ව. 12:20
2025 ජූනි 23, පෙ.ව. 12:13
2025 ජූනි 23, පෙ.ව. 12:13
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
22-06-25
22-06-25
21-06-25
21-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25