2025 ජූනි 23, පෙ.ව. 10:09
පර්සියානු බොක්ක අරාබි මුහුදට සම්බන්ධ කරන පටු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය අවහිර කිරීම හෝ බාධා කිරීම ගෝලීය බලශක්ති ආරක්ෂාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බව විශේෂඥයින් අවධාරණය කර සිටිනවා.
ටෙහෙරානය පැවසුවේ, ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික ස්ථාන තුනකට ඊයේ (22) එක්සත් ජනපදය බෝම්බ හෙලීමෙන් පසුව, නැව්ගත කිරීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම, විරුද්ධවාදීන්ට බලපෑම් කිරීම සඳහා ඇති විකල්පයන්ගෙන් එකක් බවයි.
ටෙහෙරානය පැවසුවේ, ලෝක තෙල්වලින් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් සහ ලෝකයේ LNG (ද්‍රව ස්වාභාවික වායු) වලින් තුනෙන් එකක් දිනපතා මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර, එය වසා දැමීම ගෝලීය සැපයුම් වහාම අඩු කරනු ඇති අතර එමඟින් මිල ඉහළ යාමක් ඇති විය හැකි බවයි.
ඉරානය ඊශ්‍රායලය සමඟ සතුරුකම් ආරම්භ කළ දා සිට, ඉරාන නිලධාරීන් මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීමේ හැකියාව ගැන සාකච්ඡා කර ඇත.
මේ අතර ඇමරිකානු ආක්‍රමණයට සහ ජාත්‍යන්තර ප්‍රජාවේ නිහඬතාවයට ප්‍රතිචාරයක් ලෙස ගෝලීය බලශක්ති වෙළෙඳාමේ මෙම ප්‍රධාන ස්ථානය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව මේ වනවිට තීරණය කර ඇති බව, ඉරාන ජාතික ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ නීති සම්පාදක එස්මේල් කොව්සාරි ප්‍රකාශ කළේ ය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් නීති සම්පාදකයින් සම්මුතියකට පැමිණ ඇති නමුත්, අවසන් තීරණය ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් ගනු ලබන බවය.
විශේෂඥයින් පවසන්නේ, මෙම සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත්, එය වසා දමා පළමු සතිය තුළම ඉන්ධන මිල 80% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති අතර, විකල්ප මාර්ග සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, මෙය ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් ඇති කරනු ඇති බවයි.
මෙය ලෝකයේ ප්‍රධානතම තෙල් හා ගෑස් සැපයුම් මාර්ගයක් වන බැවින්, මෙහි බාධාවක් ගෝලීය බලශක්ති සුරක්ෂිතභාවයට සෘජු තර්ජනයක් එල්ල කරනු ඇති බවයි පැවසෙන්නේ.
2025 ජූනි 23, ප.ව. 5:31
2025 ජූනි 23, ප.ව. 2:38
2025 ජූනි 23, ප.ව. 12:28
2025 ජූනි 23, පෙ.ව. 9:37
2025 ජූනි 23, පෙ.ව. 12:20
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
23-06-25
22-06-25
22-06-25
21-06-25
21-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25