hit counter

2025 ජූලි මස 13 වන ඉරිදා

2025 ජූලි 13, පෙ.ව. 12:09



වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසූවේ සමූපකාර නාමයට මුවාවී කළු සල්ලි සුදු කරන ජාවාරම් ක්‍රියාත්මක බවයි.

මේ වනවිට මෙම ජාවාරම් ගැන විමර්ශන ආරම්භකර ඇති බවත් වහාම මහ බැංකුවට ගොස් ලියාපදිංචි වන්නැයි ඒ අයට දැනුම් දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසූවේ එම ආයතන වල ණය එකතු කිරීමේ ක්‍රියාවලියට සමූපකාර නිලධාරීන් පවා භාවිතා කරන බවත්, මෙම ව්‍යාපාරය ජාවාරම්කරුවන් අතට පත්වීමේ දැඩි අවදානමක් තිබෙන බවත් ය.

මේ නිසා සමහර බැංකු ලියාපදිංචි කිරීම නතර කර ඇති අතර, අනීතික ලෙස ස්ථාපිත කළ සහ දේශපාලන උවමනා මත හැදූ සමූපකාර නමින් පවත්වාගෙන යන මූල්‍ය ආයතන ගැන පරීක්ෂණයක් පවත්වා ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළා.

මෙම ආයතන තැන්පතු රැගෙන ගියාට පසුව ජනතාවට වග කියන කිසිදු පුද්ගලයෙක් නොමැති බවත්, ඉන් පසුව තැන්පතුකරැවන් තමන් ළඟට පැමිණෙන බවත් ඔහු කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ, අවිස්සාවේල්ල, නැගෙනහිර, හේවාගම් කෝරළ සමූපකාර සමිතියේ ග්‍රාමීය බැංකු 24ම වසා දැමුණු බවයි.

ඒවායේ ලක්ෂ 20කට වැඩි තැන්පත්කරුවන් සිටි බවත්, ඒ තැන්පත්කරුවන්ගේ කෝටි 92ක තැන්පත් මුදල් අහිමිවූ බවත් ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: