2025 ජූලි 17, පෙ.ව. 10:39
නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසූවේ සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2015 – 2019 කාලසීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති වලට අදාළව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ගැන විමර්ශන කටයුතු අමාත්‍යාංශ ස්ථාවර විමර්ශන කාර්යාංශයට පවරා ඇති බවයි.
මේ අතර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී පවසා සිටියේ මෙම නිවාස ව්‍යාපෘතීන් තුළ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විගණන විමර්ශනයක් සහ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශනයක් සිදු කරන බවයි.
ඒ අනුව විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කරමින් ප්‍රචාරක ව්‍යාපෘති ගණනාවක්ද එම කාලයේ සිදු කර ඇති බවට කරුණු වාර්තා වෙමින් තිබෙන අතර ඒ පිළිබඳවත් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ සිදු වෙමින් පවතින බවට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:38
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:07
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:05
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:09
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:32
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25