hit counter

2025 අගෝස්‍තු මස 23 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 23, පෙ.ව. 9:38



ඊයේ (22) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මහතා තම මුහුණු පොතේ සුවිශේෂී සටහනක් තබා තිබුනි.

එම සටහනින් සාලිය පීරිස් මහතා පවසා තිබුනේ මෙම සිදුවීම ඉතිහාසයේ ජුලියට් සීසර් විසින් රෝමයේ සෙනෙට් සභාවේ නියෝග නොතකමින් තම හමුදාව සමඟ රුබිකන් නදිය තරණය කිරීම වැනි අතිශය තීරණාත්මක සිදුවීමක් බවයි.

මෙම තීන්දුව මගින් ආණ්ඩුව නැවත ආපසු හැරවිය නොහැකි මට්ටමේ සීමාව ඉක්මවා යෑමක් සිදුකර ඇති බව ඔහුගේ සටහන මගින් පෙන්වා දෙයි.

සාලිය පීරිස් මහතා විසින් තැබූ එම සටහන මෙසේය,

රුබිකන් තරණය:

ක්‍රි.පූ. 49 ජනවාරි මාසයේදී, ගෝල්හි ආණ්ඩුකාරවරයා වූ ජුලියස් සීසර්, රෝමයේ සෙනෙට් සභාවේ නියෝග නොතකමින්, තම හමුදාව සමඟ රුබිකන් නදිය තරණය කළේය.

රුබිකන් නදිය තරණය කළ පසු ආපසු හැරීමේ හැකියාවක් නොවීය. එය නොආපසු හැරෙන සීමාව විය.

එහි ප්‍රතිඵලය වූයේ සිවිල් යුද්ධයක් වන අතර, අවසානයේ ජුලියස් සීසර්ගේ ජයග්‍රහණයෙන් එය නිමා විය. මෙම සිදුවීම විසින් “රුබිකන් තරණය” හෝ “ආපසු හැරෙන සීමාව තරණය” යන යෙදුම බිහි කළේය.

දේශපාලනයේ හෝ පාලනයේ ඇතැම් මොහොතවල් “රුබිකන් තරණය” හෝ නොආපසු හැරෙන සීමාව ලෙස හැඳින්විය හැක. එවැනි තීරණ ප්‍රඥාවෙන් යුතුව රටේ දිගුකාලීන අභිලාෂයන් සැලකිල්ලට ගනිමින් මහත් සැලකිල්ලෙන් යුතුව ගනු ලබන තීරණ විය යුතුය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: