hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 12, පෙ.ව. 12:06



derana dreams star තරගාවලිය හරහා සුවිශේෂී ගායන කටහඬකින් ප්‍රේක්ෂකයන් හමුවට ආපූ මේ සුන්දර කලාකරුවා හර්ෂ ධනෝෂ්.ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙන්න කලින් හර්ෂ හොටෙල් ගානෙ ගිහින් ගීත ගායනා කරපු කලාකරුවෙක්.

එය අතීතය නිසාම ඔහුට හොඳට කට්ට කන්න පුළුවන්.

ඒවගේම අද වෙද්දී හඬකැවීම් ශිල්පියෙක් විදියටත් හර්ෂ ප්‍රසිද්ධයි.

හර්ෂගේ පෞද්ගලික ජීවිතේ ගත්තහම ඔහු විවාහ වුණේ ක්ෂේත්‍රයේ දක්ෂ නිරූපිකාවක් වෙච්චි අමායා අධිකාරි සමඟයි.

ඉතින් ප්‍රසිද්ධියේ අමායා කලකට කලින් කියලා තිබ්බා  හර්ෂගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා හේතුව හර්ෂට ආදරේ කරන්න තේරෙන්නේ නෑ.

ඒ වගේම ඔහු වෙන කිසිම දේකටත් වඩා වෙන පුද්ගලයන් අංක එක කියලත් ඇය සඳහන් කරලා තිබුණා. 

ඉතින් අමායා සහ ඔහු වෙන්වෙලා ජීවත් වෙනවද කියලා අහපු අවස්ථාවකදී ඉතාමත් කලකිරීමෙන් හර්ෂ කියලා තිබ්බෙ මේ වගේ කතාවක්.

අපි අවුරුද්දක් විතර ඇති දෙපැත්තකට වෙලා. දැන් සෙපරේට්. ඒත් මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දුව හා පුතාලා දෙන්නා. මේ අය තමයි මගේ ජීවිතේ කවුරු කොහොම කිව්වත්.

මම මැරෙනකල් මගේ යුතුකම් ඉටු කරන්න ඕන. එයාලට එයාලගේ තාත්තා නැති වෙන්න මම ඉඩ දෙන්නෙ නැහැ. අමායා හා දරුවෝ ළඟ නැතුව මම මේ ගෙවන්නේ අසීරූ කාලයක්.

මම අමායා එක්ක කතාබහ කරනවා. අපි ආයෙමත් ඉස්සර වගේ සතුටින් ජීවත් වෙන්න ඕන කියලා අපි දෙන්නම දන්නවා. මම පව් කරලා ඇති කිව්වේ මුලින් ඒකයි. දැන් මට හිතෙනවා පව් ටික ටික ගෙවිලා යනවා කියලා. අපි ආයේමත් එකතු වෙන්න ටික දවසක් යයි. එතකල් මම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. මම පවුල් ජීවිත ගත කරන හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා පවුල් ජීවිතේ විනාස කරන්න පවුලට එබෙන්න මිනිසුන්ට ඉඩ දෙන්න එපා. සතුටින් හිටපු මගෙත් අමායාගේ ජීවිතේටත් එහෙම අයගෙන් ආපු බලපෑමක් නිසයි දුරස් වුණේ. ඒ අය අපිව විරසක කරලා පීඩාවට පත් කරලා වින්දනයක් ලැබුවා වෙන්න ඇති. අපි ළඟින්ම ඉන්න අයගෙන් තමයි අපි වැඩිපුරම පරිස්සම් වෙන්න ඕන. දෛවය කොච්චර සරදම් කරනවා ද කිව්වොත් ගින්දර කියලා දැනගෙනම අත පුච්චාගන්න අවස්ථා තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: