hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 මැයි 01, පෙ.ව. 12:03




මීට අවුරුදු දාසයකට විතර කලින් ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ තරඟයේ සීසන් දෙක අදියරේ සිංදු කියන්න අනුරාධපුර තඹුත්තේගම ඉඳන් පුංචි තරඟකාරියක් ආවා.

ඒත් ආසාව, උනන්දුව කොයි තරම් තිබුණත් ඒ පුංචි කෙලි පොඩ්ඩට තරගේ ඇතුළේ මහ දුරක් යන්න ලැබුණේ නෑ.

ඊටපස්සේ තිබුනු තුන්වැනි අදියරටත් ඇය ඉදිරිපත් වුණාට ඒ පාරත් ඇයට සිදුවුණේ කලින් වතාවේ වුණු දේමයි.

ඒ එක්ක ඒ පුංචි කෙලි පොඩ්ඩ ආයෙත් අපිට කවදාවත්ම දකින්න ලැබුණේ නෑ. ඒත් ඔබ විශ්වාස කරයිද දන්නේ නෑ එයින් අවුරුදු 15කට පස්සේ පසුගිය අවුරුද්දේ පැවැත්වුණු ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ 11 වැනි අදියර ජයග්‍රහණය කරන්න සමත්වුණේ එදා ‘ලිට්ල් ස්ටාර්’ අදියර දෙකෙන්ම ඉවත් වෙන්න සිද්ධ වුණු තඹුත්තේගම අර පුංචි කෙලි පොඩ්ඩ.

වෙන කවුරුත් නෙවෙයි ඒ තමයි අංජලී හේරත්.

ඇය ප්‍රසංග වේදිකාව සඳහා අය කරන මුදල පිළිබඳව සමාජ මාධ්‍යවල ආන්දෝලනාත්මක කතාබහකුත් ඇතිවෙලා තියෙන මේ දිනවල අපි ඇයත් එක්ක ටිකක් කතා කරන්න හිතුවා.

මේ දවස්වල සමාජ මාධ්‍යයේ අංජලී රැල්ලක් යනවා?

ඔව් ඔව් කවුදෝ කෙනෙක් අනුරාධපුරේ ප්‍රසංගයක් වෙනුවෙන් මං ලක්ෂ දෙකක් ඉල්ලපු කතාවක් එක්ක අංජලී රැල්ලක් යනවා තමයි.

ඉතින් ඒ කතාව ඇත්ත එකක්ද?

මං අනුරාධපුරේ එහෙම ශෝ එකක් බාරගත්තේ නෑ. ගම වුණාට ඩ්‍රීස්ටාර් වුණාට පස්සේ මං ඒ පැත්තේ ප්‍රසංග දෙකකට විතරයි ගියේ. ඒ අනුරාධපුරේ එකකටයි තලාවේ එකකටයි. මගේ ගම් පළාත හින්දා ඒ ප්‍රසංග දෙකටම මං ගාණක් කිව්වේ නෑ. මං කොළඹ ඉඳලා එන්නේ ඒ එක්ක බලලා කැමති ගාණක් දෙන්න කිව්වා. ඒ එක්ක බැලුවම මේක මොන මඩක්ද කියලා මටත් හිතාගන්න බෑ.

එහෙම මඩ ගහන අයට දෙන්න අංජලී ගාව උත්තරයක් තියෙනවද?

මං ඒ අය එක්ක එකට එක කියාගෙන යන්නේ නෑ. දන්න අය දන්නවා මං කවුද කියලා. ඒ නිසා කවුරු මඩ ගැහුවත් මට ප්‍රශ්නයක් නෑ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: