hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 02, පෙ.ව. 5:58



කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්තාවයක් අවස්ථාවේ දී මියගිය පොලිස් නිලධාරියා වාරියපොල මල්වාන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.

ඒ.පී සුනිල් නැමැති පොලිස් සැරයන්වරයා කැබිතිගොල්ලෑව පොලීසියට අනුයුක්තව සේවය කරන අවස්ථාවේ දී මෙසේ මරණයට පත්ව තිබුණා.

වයස අවුරුදු 22ක සහ 14ක පිරිමි දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන මියගිය පොලිස් නිලධාරියා අවසන් වරට නිවසට පැමිණියේ පසුගිය සැප්තැම්බර් මාසයේ බව බිරිඳ පැවසුවාය. 

ඇය වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටියේ, වනඅලි ගැටලුවට වහා විසඳුම් ලබාදෙන ලෙසත් පොලිස් නිලධාරීන් මේ හේතුවෙන් නිතර අසරණ වන බවත්ය.

“අන්තිමට ආවේ ලොකු පුතාගේ උපන්දිනයට ඒ ඇවිල්ලා 6 වෙනිදා ගියේ. ඊයේ රෑ මට කතා කළා 7.10ට විතර. මහත්තයා පොත් බලනවා ඒවා ඉවර වෙලා ගෙදර එනවා කිව්වා. ඒ අතරේ තමා ඔය ගිහින් තියෙන්නේ. හුඟ දවසකින් මට ඔය කතා කළේ. ඊට පස්සේ ගත්තේ නෑ. මම ගත්තා ගත්තා ෆෝන්එක වැඩ කරන්නේ නෑ. බුදු බව අත්වෙයි මහත්තයෝ මේ රජයට මොනවා හරි කරන්න කියන්න. අහිංසක මිනිස්සු නැතිවෙනවා. හැමදාම කියනවා වන අලීන්ට මොනාහරි කරන්න කියලා. කිසිම දෙයක් කරන්නේ නෑ. මගේ මහත්තයා රටක් වටින මහත්තයෙක්. මගේ මහත්තයාට වගේ තවත් මෙහෙම කරන්න ඉඩතියන්න එපා කියලා වැඳලා කියන්නම් මහත්තයා වෙනුවෙන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: