hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 19, පෙ.ව. 12:02



රියලිටි තරඟාවලියකින් ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වෙද්දි අලුත් නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත්තු ඇය කොයි කවුරුත් ආදරය කරන ආධුනික ගායන ශිල්පීනී අපූර්වා ආශාවරී.මේ දවස්වල අපූර්වා ගැන ආයෙමත් සැරයක් කතාබහ කරන්නේ ඇයත් එක්ක වර්තමාන රංගන ක්ෂේත්‍රයේ ඉන්න කලාකරුවෙක් ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන කියන කතාවත් එක්කයි.

 අපූර්වා කියන්නේ මේ වෙද්දිත් අවුරුදු විසි එකක තාමත් ලාබාල යුවතියක්.ඇය කියන විදිහට ප්‍රේමය මිනිස්සුන්ට ඕනි දෙයක්. ඒකට වෘත්තිය තරාතිරම අදාල නෑ.ඒවගේම මේ දවස්වල රංගන ශිල්පියෙක් එක්ක ඇයගේ නම කතා වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් කලාකරුවා තමයි සංජය මුර මුදලි කියන්නේ.ඉතින් සංජය අපූර්වාගේ ආදරවන්තයාද කියලා අහපු අවස්ථාවකදී  ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“සංජය අයියා කියන්නේ මගේ ජීවිතේ සමීපම කෙනෙක්. අපි අතරේ ලොකු තේරුම් ගැනීමක් තියෙනවා. සංජය අයියා කියන්නේ විවෘත චරිතයක්. ඔහු ආදරවන්තයා විදිහට නෙවෙයි මගේ ජීවිතේ ඉන්නේ. හැබැයි මට සමීපම හොඳම මිතුරෙක් විදිහට මම එයාට ගරු කරනවා. එයාට හොඳ විදිහට මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන්. ඒ ගැන මට හරිම සතුටුයි. ආදරවන්තයා විදිහට තෝරා ගන්න වුණත් එයා හොඳ කෙනෙක්. අපිට ඕනෙත් ආදරයේ දී ආදරණීය සහ අපි ගැන සොයා බලන කෙනෙක්නේ. ඒ නිසා එයා ආදරවන්තයා විදියටත් සුදුසුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: