hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 6:57



කවුරුත් නොහිතපු විදියට හසිනි මේනක⁣ව තමන්ගේම සොහොයුරෙක් මෙන් පිළිගත්තා.

තම සහෝදරියට ආදරේ කරන්න ඔහු වඩාත් ගැලපෙන බව හමුවුණු පලමු දවසින්ම හසිනි තේරුම් ගත්තා.එහෙම වෙයි කියල හංසිවත්,මේනකවත්,චතූවත් හිතුවේ නෑ..

අක්කේ අයියා හරිම හොඳයි නේද..කොහොමද ඔයාට එයාව සෙට් වුනේ,ඇයි මට මෙච්චර කල් නොකීවේ?”
ගෙදර යනකන් හසිනි මේ විදියට හංසිගෙන් ප්‍රශ්න කළා.

ඒක දිග කතාවක්.ඇත්තටම එයා මගෙන් මුලින් යාලු වෙන්න අහද්දී අපි දෙන්නා ඇත්තටම දැකලාවත් තිබුනේ නෑ,මං ගෙදර ගියාම කියන්නම්කෝ විස්තරේ මුල ඉඳන්ම“.

මේනක එනතෙක් වෙනදා වගේම දුමින්ද බෝඩිමේ මගබලා සිටියේ මේනකගේ කෙල්ලගේ නංගි මොනවද කිව්වේ කියල අහගන්න..

ආ.. උඹ එනකන් හිටියේ.. මොකද වුනේ.. විස්තරේ කියපන්කෝ..”

මචං නංගි නම් අවුලක් නෑ බං,කෙල්ල හොඳට කතාකරා,ඒ කෙල්ල හොඳයි බං”

එකනෙ මං උඹට කිව්වෙ..උඹ හැම දෙයක් ගැනම ඕනාවට වඩා හිතනවා,දැන් එකත් හරිනේ,දැන් ඉතිං ඊළඟට කෙල්ලගේ ගෙදරින් කැමති වෙයිද කියලා තමා බලන්න ඕනා.”

ඔව් ඒක ඇත්ත.. අපි දන්නෙ නෑනෙ බං ඒ මනුස්⁣සයෝ මොනවගේ කෙනෙකුටද කැමති කියලා,කෙල්ල කැමති වුනාට වැඩක් නෑ ගෙවල් වලින් අවුලක් වුනොත්

උඹ හංසිට කියපන් ඔහොම්මම අම්මාටත් උඹ ගැන කියන්න කියලා,එතකොට ඉවරයිනෙ,දේවල් දුරදිග ගෙනිහින් අතරමග නවතින්න වුනොත් ඒක වේදනාවක්, ඒ නිසා දැන්ම ඒ දේවල් විසඳගත්තොත් තමා හොඳ.” දුමින්ද ඒ විදියට තමන් ලද අත්දැකීම් ඔස්සේ මේනකට උපදෙස් දෙන්න ගත්තා.

හංසි කියන්නෙ එයා කැම්පස් අවුට් වෙනකන් ඉන්න කියලා,ඒ වෙනකන් ගෙදරට මේ ගැන කියන්න ඕන නෑලු,අවුට් වුන ගමන් ගෙදරින් ඇවිත් අහන්නලු, මට එයාගේ කීමට පිටින් යන්න බෑනේ බං.”

ඒ වුනාට උඹ ඔය ගන්නෙ නම් රිස්ක් එකක්, කමක් නෑ දැන් නංගිගේ කැමැත්තත් තියන නිසා අවුලක් වෙන එකක් නැතිවෙයි,හැම දෙයක්ම හොඳ විදියට සිද්දවෙයි“දුමින්ද එහෙම කියල මේනකගේ හිත හදමින් ඉන්නකොට හංසිගෙන් කෝල් එකක් ආව..

අයියේ .. නංගි ඔයා ගැනමයි කියවන්නෙ.එයාට නම් මාර විදියට සැටිස් ඔයා ගැන.” හංසි සිනහාවෙමින් මේනකට කිව්වා

හහා එහෙමද.. එයාට කියන්න හයියෙන් මංගැන කියවන්න එපා කියලා,අම්මට ඇහුනොත් එහෙම”.

ඔව් අනේ..මාත් මේ ඒක.තමා කිව්වෙ ඔහේ කියවනවා ගේ ඇතුලෙත් ඔයාගෙ නම කිය කිය තමා කතා කරන්නෙ..”

ම්ම්.. අපි හෙට උදේට හම්බෙනවානේ,උදේට කතා කරමු,දැන් මහන්සියි බබා

මට කියන්න බැරි වුනානෙ අයියේ.. මට හෙට එන්න බැරිවෙය,මගේ දතේ කැක්කුමක් ඇවිල්ලා,කට රිදෙනවා හොඳටම,කන්නෙත් අමාරුවෙන්, ඒ නිසා මං හෙට ගෙදර ඉන්න කියලා බැලුවේ

ඒ මොකද එක පාරටම..දවලුත් හොඳට හිටියනෙ ඔයා”මේනක එහෙම කිව්වා…

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි දහනම වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ විසි වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: