hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 16, ප.ව. 2:38



රැය පහන් කරන තුරු මේනකට හංසිගෙන් කිසිම උත්තරයක් ලැබුණේ නැත.

එහෙත් නොකියා හෝ හැමදාම උදේ හමුවන බස් නැවතුමට එන බව නම් ඔහු තදින්ම විශ්වාස කළේය.

උදෙන්ම ලෑස්ති වී වෙනදාටත් වඩා කලින්ම බස් නැවතුමට ගිය මේනක ඇසිපිය නොහෙළා ඇය කැම්පස් එන බස් රථ කොළඹ යන අයුරු බලා උන්නේය.

වෙනදා දකින ලස්සන මුහුණ ඒ වන තෙක් දැකගන්නට නම් ඔහුට නොහැකි විය.

ගුඩ් මෝනින් බ්‍රෝ..උඹ ඔෆිස් එනවද,මොකෝ පරක්කු කියල බැලුවේ,වෙනද මම එනකොට උඹ ඇවිල්ල ඉන්නවනේ ඉතිං“ඉමාම් කෝල් කලේය.

ඔෆිස් යන වේලාව හොඳටම පරක්කු බව මේනකට තේරුම් ගියේ ඒ කෝල් එකෙනි.

ගුඩ් මෝනින් බ්‍රෝ..එනවා එනවා.පොඩ්ඩක් පරක්කු උනා,ඇවිල්ල විස්තරේ කියන්නම්”ඔහු එසේ කියමින් දුරකථනය විසන්දි කළේය.

තව දුරටත් හංසි එනතුරු බලා හිඳිමින් කාලය ගතකරන එකේ තේරුමක් නැති බව මේනකට තේරුම් ගියත් ඇය ප්‍රමාදවී හෝ එනු ඇතැයි ඔහුගේ යටි හිත ඔහුට මුමුණන්නට විය.

තව එක බස් එකක් බලලම යනවා“ඔහු සිතා ගත්තේය.

තප්පර කිහිපයක් ගතවූ තැන පැමිණි බසයෙනුත් ඇය නොබැස්ස නිසා ඔහු ඊළඟ බසයෙන් ඔෆිස් යෑමට තීරණය කළේය.

බසයට නැග අන්තිම සීට් පේළියේ කොණටම වූ මේනක කල්පනා කරන්නට විය.

හංසි -මේනක අදර කතාව පටන් ගත් දින සිට ඇය හමු නොවී ඔෆිස් යන පළමු දවස අදය.

එය සිහියට නැගෙන විට මේනගේ හදවත කෙමෙන් කෙමෙන් කකියන්නට පටන් ගත්තේය.

කෙසේ හෝ එය තදකරගනිමින් මේනක ඔෆිස් එකට ගියේය.

හංසි සිය ජිවිතයේ අම්මට,තාත්තට වඩා ආදරය කලේ සියාටය.

ඔහුගේ අසනීපය දරා ගැනීමට තරම් හොඳ අතමශක්තියක් හංසිට තිබුණේම නැත.

ඒ නිසාම ඇයට මේනක පමණක් නොව සියල්ලම එපවුවාය.

සීයා රෝහල්ගතකළ පසු දින ගණනනාවක් ඇය නොකා නොබී කල්පනා කරන්නටද වුවාය.

ඒ දිනවල සිය ජංගම දුරකථනය පවා ඇය ළඟටවත් ගත්තේ නැත..

සිදුවන සියල්ල ඉවසා දරා ගැනීමට මේනකට සිදුවූ අතර ඒ විනා වෙන කරන්නට දෙයක් ඔහුට නොවිය.

දින සති ගණන් ගෙවී ගියේය….

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා.එහි හතලිස් වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ හතලිස් එක් වැනි කොටස බලාපොරොත්තුවන්න





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: