hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 13, පෙ.ව. 9:36



හංසි බසෙන් බැස තමන් වෙතට එන දෙස මේනක එක එල්ලේම බලා සිටියේය.

වෙනදා ඇගේ මුහුණේ උදෑසනට දකින සුන්දර සිනහව එදින තිබුණේ නැත.

තිබුණේ තරහෙන් පිපිරෙමින් තිබූ කෝපාවිෂ්ඨ පෙනුමකි.

ළඟට පැමිණෙන තෙක් ඉවත බලාගෙන ආ ඇය මේනක ලඟට ආපසු ඔහු දෙස බැලුවේද රත් වූ දෑස් වලිනි.

මොකද උනේ නංගි කියන්න මට මුල ඉඳන්ම මම දන්නවා ඔයා ඉන්නේ හොදින් නෙමෙයි කියලා කියන්න මොකද උනේ..
මේනක හංසිගෙ අත අල්ලමින් ඇහුවත් ඇය ඒ වන විටත් සිටියේ ඉවත බලාගෙනය.

කිසිදු පිළිතුරක් හංසිගෙන් ලැබුණේ නැත.

නංගි මේ අහන්නකෝ ඔයා ඔහොම හිටියට මම දන් නැහැනේ මොකක්ද ප්‍රශ්නේ කියල.. ඇයි ඊයේ රෑ එක එකපාරටම ෆෝන් එක කට් කලේ මොකද උනේ

හංසි හිතේ හිරකරන් හිටපු කේන්තිය පිට කරන්නට මෙන් මේනක දෙස බැලුවේ දැඩි කෝපයෙනි.

ඇගේ ඇස් වලින් හෙමින් හෙමින් කඳුළු වැටෙන්නට විය.

හංසි මේනක ඉදිරියේ මේ හඬන්නට සූදානම් වන්නේ පළමු වතාවටයි…

මින් පෙර කිසිදු දවසක මේනක හංසිගේ කඳුළු දැක තිබුණේ නැත.

රත් වුණු ඇයගේ දෑස් කඳුළුවලින් පිරි තිබුණි.

ඉකි ගසන විට ඇගේ කම්මුල් ඉහළට ඇදෙමින් තිබුණි.
සීයට කැන්සර් එකක්

හංසි මේනකගේ අත අල්ලමින් කීවාය

ඇයව ළඟට කරගෙන මොහොතක් නිහඬ වී ඈ දෙස බලා සිටිනවා හැර කියන්නට යමක් මේනකට තිබුණේ නැත.

හංසි වැඩියෙන්ම ආදරය කරේ සීයාට බව මේනක දැන උන්නේය.

ඒ නිසාම ඇගේ දුක කෙසේද යන්න මේනකට හොඳ අවබෝධයක් තිබුණි.

හරි දැන් අඩන්නේ නැතුව ඉන්නකො.. මිනිස්සුත් බල බලා යනවා එයාලා දන්නෙ නෑනෙ ඔයා අඩන හේතුව, දැන් ඔය කඳුලු පිහ දාගන්න

අයියේ ඔයා දන්නවනේ මම සීය කොල්ලට කොච්චර ආදරේද කියලා ඊයේ තමා දැනගත්තේ මේක, සීයව හොස්පිට්ල් එකේ නතර කරන්න ඕන කිව්වා, මට සීය කොල්ල නැතුව ඉන්න බෑ අයියේ

ඊයේ රාත්‍රියේ හදිසියේම දුරකථනය විසන්ධි කළෙත් කිසිම දෙකට ප්‍රතිචාර නොදැක්වූ වෙත් මෙතරම් තරහකින් හා වේදනාවකින් සිටියේත් සීයා ගැන දැන ගත් පසු ඇතිවූ වේදනාව නිසා බව මේනක තේරුම් ගත්තේය.

වෙනදාට වඩා වැඩි වේලාවක් හංසි සමග රැඳී සිටි මේනක මහත්සේ වෙර දරා ඇගේ හිත හැදීමට හැදීමට උත්සාහ කළේය.

හැම දෙයක්ම හොඳට සිද්ධ වෙයි, සීය හොඳ වෙන්න නම් හොස්පිටල් ගෙනියන්න වෙනවා නේ, ඒකට දුක්වෙන්න එපා, අපිට පුලුවන් එයාව බලල එන්න යන්න,ආ දැන් අඬලා වැඩක් නෑ සීයට ඉක්මනට හොඳ වෙයි ඔයා වෙනදා වගේම ඉන්න සීයට ආදරෙන් සලකන්න”

ඔයාට අද ගොඩක් පරක්කු වෙලා නේද වැඩට යන්න..ඔයා යන්න දැන්, මං පස්සේ කෝල් කරන්නම් ඊයේ රෑ වුන දේට හිත රිදුන නම් සොරි”

ඇගේ වේදනාවට සවන් දීමට මේනක සිටි බව ඇගේ සිතට දැනුන නිසා ඇයට යම් සහනයක් ගෙන දුනි….

මේනක සමඟ සිටි ඒ මොහොතින් ලද මහත්වූ අස්වැසිල්ල නිසා ඊයේ රාත්‍රී සිදුවූ සියල්ල අමතක කර හංසි කැම්පස් එකට ගියේය…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා.එහි තිස් අට වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ තිස් නම වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: