hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 05, ප.ව. 7:44



පුංචි කෙලි පැටික්කියෝ ටිකක් එකතු කරගෙන නාලක ජයලත් සර් හැදූ සංගීත කණ්ඩායමට තහංචියක් වැටිලා. ඒ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නීතිය පැත්තෙන්.

මේ නීතියට අනුව දැන් මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායමේ දැරියන්ට ප්‍රසිද්ධ වේදිකාවල ගී ගැයීම හා වාදනය තහනම්. අපි දන්නා විදිහට මැදිරිගිරිය කියන අතිදුෂ්කර පළාතේ දැරියෝ ටික මේ සංගීත කණ්ඩායම හදන්න අප්‍රමාණ වෙහෙසක් දැරුවා.

ඒකට ඔවුන් පිටුපස හිඳිමින් ලොකු අත්වැලක් සැපයූවේ ඒ දරුවන් හට පාසලේ ඉගැන්වීම් කටයුතු කරන නාලක සර්. නාලක ජයලත් සර්ට මේ අදහස ඇති වුණේ කාලයක් තිස්සේ තමන්ට හමුවන ඒ වගේ ම පාසලේදී සංගීතය කියන විෂයයට උනන්දුවක් දක්වන දරුවන්ගේ හැකියාව දැකලා. ඒ අනුව ඔහු මේ දරුවන්ව එකතු කර ගත්තේ තනියම නෙමෙයි.

ඒ පුංචි දරුවන්ගේ මවුපියන්වත් හවුල් කරගෙන. මුල් කාලයේදී සර් තමයි දරුවන්ට කන්න බොන්න ටික විතරක් නෙමෙයි ගමන් වියදම්වලට අවශ්‍ය මුදල් හදල් පවා දුන්නේ. නාලක සර්ට අරමුණක් තිබුණා.

ඒ තමයි ලංකාවේ ම දරුවන්ට ආදර්ශයක් දෙන විධියට මේ වගේ සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන එක. ඒත් සර්ට මේ කණ්ඩායම හදද්දී තිබුණු මුල් ම අභියෝගය තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විධියට හැමදේ ම කළමනාකරණය කරන එක. සර් දරුවන්ට මුලින්ම දීපු අවවාදයත් ඒකමයි.

ඒ අවවාදය දෙන ගමන් සර් තමන්ගේ කාලයත් වැඩි කොටසක් මේ වෙනුවෙන් වැය කළා. සර් දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා ඒ හැම දරුවෙක් ම තමන්ගේ ගෙදරට ගෙන්වා ගත්තා. පුහුණුවීම් හැමදේ ම කළේ ඒ නිවසේ.

ඉතින් කොයි තරම් බාධක ආවත් ලෝක ළමා දිනයේදී මේ “ආශාවරී” කණ්ඩායමේ දරුවන් ෂා එෆ් එම් නාලිකාවේ දක්ෂතා පෙන්නුවේ මෙහෙමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: