hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 24, පෙ.ව. 11:19



ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ සහ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛ ගුණතිලකගේ බාල දියණියවන වින්ඩි ගුණතිලක විසින් ගායනු කරනු ලැබූ ‘අයියෝ සාමි’ ගීතය මේ වන විට ඉන්දියාවේ ජනප්‍රියතම ගීතයක් බවට පත්වෙන ලකුණු පහළ කොට තිබෙනවා.

එය දමිල ගීතයක් වුවද කිසිදු භේදයකින් තොරව සියලු දෙනාම ආදරයෙන් වැළඳගෙන හමාරයි.

මෙම ගීතය මේ වනවිට තමිල්නාඩුවේ අවන්හල්වල පවා වාදනය කරනු ලබන එකක් බවට පත්ව තිබෙනවා.

මෙම ගීතයේ සංගීත නිර්මාණය වින්ඩිගේ පෙම්වතා වන සනුක වික්‍රමසිංහගේය.

පදරචනය පොතුවිල් අස්මින්ගේය.

මේ ගීතය මේ වනවිට මිලියන 05 නැතහොත් ලක්ෂ 50කට අධික පිරිසක් නරඹා තිබෙනවා.

තමිල්නාඩුවේ ජීවත් වෙන ඉන්දියානු ජාතිකයෙකු මේ ගීතයට මෙවැනි ප්‍රතිචාරයක් පළ කර තිබුණා.

“මම ජීවත් වෙන්නේ දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ. තමිල්නාඩු අවන්හල් සාමාන්‍යයෙන් මෙම ගීතය වාදනය කරන අතර මම වීදිවල යන විට මට තැන් කිහිපයකින් ගීතය අඛණ්ඩව ඇසේ. ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ සංගීතයට මෙතරම් ආදරය කරන්නේ මන්දැයි මම නොදනිමි. මම දැනගෙන හිටියේ නැහැ මේක ලංකාවේ ගෑනු කෙනෙක් ගායනා කරනවා කියලා. මම යූ ටියුබ් එකේ සර්ච් කරලා බලනකොට එකපාරටම පුදුම වුණා! ඔබ සැමට ආදරෙයි. ශ්‍රී ලාංකීය සංගීතය සීමා මායිම් ඉක්මවා ගොස් සියල්ලන් සමීප කරයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: