hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 20, ප.ව. 3:21



ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක සංගක්කාර මහතාගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර මහත්මියට පිස්සු බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.

ඒෂියන් මිරර් සංවාදය වැඩසටහන සමඟ එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

ජෙරම් නම් පුද්ගලයා විසින් කතෝලික ආගම විනාශ කරන බවත් කාදිනල් හිමියන් ඒ සඳහා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අපේ රටේ බෞද්ධ ක්‍රීඩකයෝ ටික බෝනගේන් කණ්ඩායමට අර ජෙරාම් කියන තිරිසනා කතෝලික ආගම විනාශ කරලා, කතෝලික ජාතිය විනාශ කරලා අර කාදිනල් කියන උන්වහන්සේවත් ඒ ගැන බලන්නේ නැහැ. ඌට මොකද මුන් මොනවා කරත් කමක් නෑ. කාදිනල් කටවහන් ඉන්නවා. කාදිනල් ඇවිල්ලා රටට ආදරේ කෙනෙක් කියලා කියන්න බැහැ. ඒගොල්ලො මේ එක්තරා කොටසක්. මම නෙමෙයි කියන්නේ කාදිනල් උන්නැහේ ජනතාව කියන එකක්. මේ බෝනගේන් කණ්ඩායම ජෙරාම්ට ඕන ඕන විදියට වැඩ කරන්නේ. ජෙරාම් ලගට ගියාම ඔලුවට අත තිබ්බ හැටියේ අර ගෑනු නටනවා, ගැහෙනවා, වැටෙනවා. පිස්සු හැදෙනවා මේ හදපු කණ්ඩායමට. ඉතින් ඒ වගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු කට්ටිය ඔක්කොම සමහර අය සල්ලි ඩොලර් මිලියන ගණන් දීලා මේ කොල්ලො ටික ඒ පැත්තට හරවා ගත්තා.”

“අර මම දැක්කා සංගක්කාරගෙ නෝනා සහේලි ද මොකීද කියන එකී දෙවියන් වහන්සේ බබා දුන්නා. සංගක්කාර නෙවෙයි තාත්තා. දෙවියන් වහන්සේ තාත්තා කියලා කියනවා. මේකිට පිස්සු. සංගක්කාරයා කොහෙද සංගක්කාරයා එක්ක නෙවෙයි මේකි මේ යහන්ගත වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේ එක්ක. මෙවුන් වගේ ජාතියක් ලංකාවේ ඉපදිම ගැන අපි කණගාටු වෙනවා. තොපි මේ රට ඇරලා තොපි කොහෙට හරි රටකට පලයව්. සංගක්කාර මාතලේ දිස්ත්‍රික්කයේ ඉපදුණේ. කිංග්ස්වුඩ් විද්‍යාලයට ගියේ. සහේලිද මොකීද බැන්දට පස්සේ දෙවියන් වහන්සේ මේකිට දුන්නා බබා. නොදකින් කාලකණ්ණි. පල රටකට. බෝනගේන් කණ්ඩායම තියෙන රටකට ගිහිල්ලා එක එක දේවල් කරපිය. මේ රටේ ඕවා කරන්න එපා. ඒක තමයි මම ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලපු එකම හේතුව. ඊළඟ පාරත් ඉල්ලනවා බයවෙන්න එපා.”

එම සම්මුඛ සාකච්ඡාවේ වැඩසටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: