hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 03, පෙ.ව. 7:04



රංගන ක්ෂේත‍්‍රයට පැමිණි දා පටන් තාත්වික රංගනය ඔස්සේ තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරමින් දක්ෂ චරිතාංග නළු‍වකු ලෙස සිය භූමිකාව සකසාගෙන සිටින ඔහු වටා බැඳි ප්‍රේක්ෂකාගාරයද පුළුල්.

මේ දිනවල හිරු නාලිකාව ඔස්සේ විකාශය වන ”රැල්ල වෙරළට ආදරෙයි”‍ ටෙලි නිර්මාණයේ ”වීරවර්ණ කුලසූරිය මුදලාලි” ගේ චරිතයට ජීවය දෙන ඔහු, බිමල් ජයකොඩි නම් අගනා රංග පෞරුෂයෙන් හෙබි රංගවේදියායි.

බිමල් ජයකොඩි  පරිපූර්ණ කලාකරුවෙක් විදිහට ක්ෂේත්‍රය තුළ අනන්‍යතාවයක් හදා ගත්තු කෙනෙක් බවට පත් වෙද්දී ඒ චරිතය තුළ පිටිපස්සෙ හිටපු ආදරණීය කාන්තා චරිතය අපිට අමතක කරන්න බෑ.

ඇය නමින් සුජානි මේනකා.

එහෙමත් නැත්නම් ආදරණීය කලාකරු බිමල් ජයකොඩි මහත්මයාගේ සුන්දර සහ ආදරණීය භාර්යාව ඇය කිව්වොත් නිවැරදියි.

පසුගිය දවසක බිමල් ජයකොඩි රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙලා එහිදී නිවේදිකාව අහන ප්‍රශ්න කීපයකට හරි ආදරණීයව උත්තර දුන්නා.

ඒ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ මේ වගේ කතාවක්.

“මම කළ හොඳම ආයෝජනය විවාහය.මම හිතන්නේ ඒක  තවදුරටත් විස්තර කරන්න ඕනි නැහැ.ඒක තමයි හොදම ආයෝජනය.විවාහය නැත්නම් බිමල් ජයකොඩිගේ කියන කෙනා ඉඳීයි. හැබැයි කොහොම ඉදියිද දන්නැහැ.හොඳම තෝරාගැනීම බිරිඳ.එය ගැන මං හිතන්න වෙන විශේෂණ පද ඕනි නැහැ.මොකද ඇය හොඳ  කළමනාකාරිනියක්.කුඩා කාලයේ ඉඳන් හොඳ අත්දැකීම් ගොඩක් එක්ක ඇවිල්ලා ඉන්නේ.ඒ සියලු දේවල් මටත් නොඅඩුව ලැබුණා.පෙම්වතෙක් සැමියෙක් වෙද්දී ඇය ගෙන් ලැබුණු එය හොඳම කළමනාකාරිත්වය තමයි මගේ ජීවිතයේ හොඳම තේරීම.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: