hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 02, ප.ව. 1:35



ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලිට කෝටිපතියන් රවටා මුදල් ගරා ගැනීමට ආධාර හා අනුබල දුන්නේ යැයි කියන බොරැල්ලේ සිරි සුමන නමැති භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කඩවත වෑබඩ අරහත්තක සමාධි ආරණ්‍ය නමැති විහාරස්ථානයේ වැඩවාසය කරන මේ භික්ෂුව පෙනී සිටින්නේ මාර්ගඵල ලැබූ රහත් භික්ෂුවක් ලෙසින්.

බොරැල්ලේ සිරි සුමන හිමි 2003 වර්ෂයේ ජූලි මස 04 වන දින සසුන්ගත වී ඇති අතර උන්වහන්සේ කුඩා කල සිටම මහණ දම් පිරිම සඳහා කැමැත්තක් දක්වා තිබෙනවා.

උසස්පෙළ විභාගයෙන් පසු මහණ වී ඇති උන්වහන්සේගේ ගිහි නම වන්නේ ළහිරු.

කඩවත වෑබඩ අරහත්තක සමාධි ආරණ්‍ය නමැති විහාරස්ථානය සෑදීම සඳහා වසර 12ක් ගත වූ බවත් එම ආරණ්‍යයේ දිව්‍ය මන්දිරය සාදා ඇත්තේ යාතිකා කිරීමට හෝ භාර හාර වීම සඳහා නොව මිනිසුන්ට දැක බලා සතුටු වීමට බවත් බොරැල්ලේ සිරි සුමන හිමියන් සඳහන් කරනවා.

තමන් වහන්සේ වසර 4කට පමණ වතාවක් විහාරාරාම වල ඇති දේවල් වෙනස් කරන බවත් තම වහන්සේට ආවේනික ලෙස එම දේවල් සිදු කරන බවත් බෝධීන් වහන්සේ කළු ගලක් මැද රෝපණය කළ බෝධීන් වහන්සේ නමක් බවත් එය සම්පුර්ණයෙන් ස්වභාවිකව නිර්මාණය කළ බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

එම ආරණ්‍ය තුළ ගල් ලෙනක වැඩ සිටින බුදු රජාණන් වහන්සේ විවේක සුවයෙන් වැඩ සිටින ලෙන් විහාරයක් නිර්මාණය කර තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ සිරි පතුල සිහිපත් කර සකස් කළ ශ්‍රී පාද මන්දිරයක්ද මෙන්ම මුචලින්ද නාග දරණයක්ද කඩවත වෑබඩ අරහත්තක සමාධි ආරණ්‍ය නමැති විහාරස්ථානයේ තිබෙනවා.

එහි ලෙනක්ද නිර්මාණය කර තිබෙන අතර ඕනෑම අයෙකුට එහි භාවනා කිරීමට හැකියාවද පවතින අතර එම විහාර භුමිය අක්කර එක හමාරක් පුරා නිර්මාණය වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: