hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 03, පෙ.ව. 9:34



ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලිට කෝටිපතියන් රවටා මුදල් ගරා ගැනීමට ආධාර හා අනුබල දුන්නේ යැයි කියන බොරැල්ලේ සිරි සුමන නමැති භික්ෂුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළා.

තිළිණි ප්‍රියමාලි සහ බොරැල්ලේ සිරිසුමන හිමියන්ට එරෙහිව ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලකට අදාළව රුපියල් මිලියන 43ක් වංචා කිරීමේ සිද්ධියක්ද විවෘත අධිකරණය හමුවේ කැඳවා තිබුණා.

බොරැල්ලේ සිරි සුමන හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රසිද්ධ ආයතනවල මුදල් ආයෝජනය කරන බව පවසමින් අවස්ථා ගණනාවකදී රුපියල් මිලියන 750ක් සැකකාර තිලිණි ප්‍රියමාලි ලබා ගෙන ඇති බවයි.

එම මුදල් ලබා ගන්නා අවස්ථාවල උන්වහන්සේ ආරූඪයක් එන බව අඟවමින් එම මුදල් ආයෝජනය කරන්නැයි අදාළ පාර්ශවයන්ට බලකර තිබෙනවා.

ගනුදෙනුවට පෙර තිළිණි ප්‍රියමාලි සැකකාර හිමිනමට කෙටි පණිවුඩයක් යවා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන්.

උන්වහන්සේගේ නීතිඥවරයා පවසා ඇත්තේ සිරි සුමන හිමියන් වයස අවුරුදු 18දී වකුගඩුවක් පවා දන් දී ඇති බවයි.

ඕනෑම කටයුත්තකදී උන්වහන්සේ ආශිර්වාද කරන බවද ඔහු ප්‍රකාශ කළා.

මුදල් ලබා දීමට උන්වහන්සේ පෙළඹවීමක් සිදුකර ඇති බව බී වාර්තාවේ දැක්වෙන බව එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී සිරිසුමන හිමියන්ගේ නීතිඥවරයා බුදුන්වහන්සේටද ඌරු මස් දන් දුන් බව ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ දැඩිව අවධාරණය කර ඇත්තේ ආගම්වලට අදාළව අදහස් දැක්වීමෙන් වළකින ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: