hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 21, පෙ.ව. 12:06



2022 අරගලයේ පුරෝගාමී තරුණයෙකුවූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්නගේ මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් වැඩි විස්තර මේ වනවිට අනාවරණය වෙනවා.

ප්‍රකට වෙළෙඳ දැන්වීම් ඒජන්සියක සේවය කළ බුද්ධි ප්‍රබෝධ මියයනවිට 28 හැවිරිදි වියේ පසු වුණා.

ඔහුගේ ගම් පළාත වූයේ මයිලව, නාත්තන්ඩිය යි. 

අවිවාහකයෙකුවූ ඔහු තාවකාලිකව නවාතැන්ගෙන සිටියේ මුල්ලේරියාව, හිඹුටාන පටුමග ප්‍රදේශයේ කුලී නිවසකයි.

ඔහු උසස් පෙළ හදාරණ සමයේ සිට විශාදය රෝගයෙන් පෙළුන අයෙකු වන අතර ඒ සඳහා නිතිපතා ඖෂධ ලබාගනිමින් සිටි බව පැවසෙනවා.

බුද්ධි ප්‍රබෝධ  මුල්ලේරියාව, හිඹුටාන පටුමඟේ පිහිටි සිය නවාතැන්පළ තුළදී 18 වනදා දිවි නසාගෙන තිබුනේ ඖෂධ අධිමාත්‍රාවකින් ලබාගැනීමෙන් පසුවයි.

දිවි නසා ගැනීමට පැයකට පමණ උඩදි වට්ස්ඇප් හරහා දිවි නසාගන්නා බවට සටහනක් සිය මිතුරන්ට එවා තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ මිතුරකු හා වෛද්‍යවරයකු ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානය වෙත පැමිණ ඇති අතර එලෙස එනවිට නවාතැන්පළේ දොර අගුළු දමා වසා තිබී තිබෙනවා.

ඒ ගැන සැක සිතූ ඔවුහු දොර කඩා ඇතුල්වී ඇති අතර බුද්ධි ප්‍රබෝධ සිහිසුන් වී ඇඳ මත උඩබැලි අතට සිටිනු දැක තිබෙනවා.

119 හරහා පොලීසියට ලද තොරතුරක් අනුව නිලධාරි කණ්ඩායමක් එම  ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී ඇඳ මත උඩුබැලි අතට වැටී මිය ගොස් සිටි බව පොලීසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ ඔවුහු බුද්ධි  මුල්ලේරියාව රෝහල වෙත ඇතුළත් කළ අතර එහිදී ඔහුව පරීක්‍ෂා කළ වෛද්‍යවරයා ඔහු මියගොස් ඇති බව දන්වා තිබෙනවා.

මියගිය තරුණයාගේ මෘත දේහය මහරගම ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කර 19 වැනිදා සවස ගොඩිගමුව පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදු කළ බව පොලීසිය පැවසුවා.

ඔහු මියයාමට පැහැදිලි හේතුවක් සටහන්ව නොතිබූ නමුත් ඔහුගේ දේපළ විවිධ අයට පවරාදීම සම්බන්ධ අන්තිම කැමැත්තක් ඥාතීන් වෙත යොමු කර තිබූ බවට ආරංචි පළ වුණා.

ඔහුගේ මරණය දේශපාලන හේතු මත සිද්ධවූවක් බවට ඔහුගේ යයි හැඟවෙන ආකාරයට ලියූ ව්‍යාජ ලියුමක්ද කිසිවෙකු විසින් අන්තර්ජාලයට යොමුකර තිබූ අතර එය ඔහුගේ එකක් නොවන බවට ඥාති හිතමිතුරන් සහතික වුණා.

පොලිසියටද එවැනි ලියුමක් හමුව තිබුනේ නැහැ.

ඔහු දිවි නසා ගැනීමට පෙර ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මරණය සැලසුම් කිරීම ගැන  තබන ලද සටහනක් දැඩි කතාබහට ලක්වී තිබෙනවා.

ඔහු තැබූ සටහන මෙසේයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: