hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 20, පෙ.ව. 12:20



බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති අරගලයට සම්බන්ධ තරුණයා මානසික අවපීඩන තත්වය මත සිය කැමැත්තෙන් ජීවිතයෙන් සමුගෙන තිබෙන අවස්ථාවේ දේශපාලන වාසි තකා ඔහුගේ යයි හැඟවෙන ආකාරයට ලියුමක් ප්‍රසිද්ධීයට පත් කර ඇතැයි ඔහුගේ ඥාති හිතමිත්‍රාදීන් චෝදනා කර තිබෙනවා.

මෙම ලියුම ඔහු සන්තකයේ තිබී හමුවූවක් නොවන බවත් හිතාමතාම ඔහු සහ ඔහු පෙනී සිටි අරගලය අපකීර්තියට ලක්කිරීමට ප්‍රබන්ධ කර ප්‍රසිද්ධ කරන ලද්දකැයි ඔවුන් දන්වා සිටිනවා.

දිවයිනේ ප්‍රකට වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක සේවය කළ බුද්ධි වෘත්තියෙන් නීතීඥයෙකුද වූ අතර ඔහු සිය ජීවිතයෙන් සමුගන්නට පෙර දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ අන්තිම කැමැත්තේ සටහනක් නීතිමය වශයෙන් සහතික වන ආකාරයට සකස් කර ඥාතීන් වෙත යොමු කර තිබී ඇති අතර මේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එය නොවේ.

එකී ලියුමේ තමන්ගේ දේපළ ඇතුළු සියලු දේ අන්අය වෙත පැවරීම මෙන්ම තම ජීවිතයෙන් සමුගන්නට හේතුවන කරුනුද සටහන් කර තිබී ඇත.

බුද්ධිගේ ෆේස් බුක් ගිණුම පරීක්ෂාවේදී ඔහු අවසන් කාලයේ ජීවිතයෙන් සමුගන්නට සැලසුම් කර ඇති අයුරක්ද දිස්වන බව සමීපතමයින් දන්වා තිබෙනවා.

1. මේ ඔබ ජීවත්වෙන අවසන් සතිය නම් ඒ ගත කිරීමට කැමති කෙසේද ?
2.මම මැරුනොත් උඹලා මොකද කරන්නේ?
3. යහපත් මරණය අවසර දීම නොහොත් euthanasia.
වැනි සටහන් ඔස්සේ ඔහු මරණය සැලසුම් කර ඇ.ති බවද ප්‍රකට වේ.

බුද්ධිගේ යයි හැඟවෙන ආකාරයට අරගලය විවේචනය කරමින් රචනා කර ඇති ලියුම එලෙස අන්තර්ජාලයට යොමු කරන ලද පුද්ගලයා සොයා ගැනීමට ඥාතීන් නීතිය හමුවට යන බවද මේ අතර වාර්තා වෙනවා.

එම Fake සටහන පහත පරිදි,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: