hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 26, පෙ.ව. 12:01



මහරගම සිට කොටුව බලා පිටත්වූ 138 බස්රථයකට නැගුණු තරුණයෙකුට බසයේදී හාදුවක් දී බැසගිය තරුණියක සම්බන්ධයෙන් වන සිදුවීමක් වාර්තා වෙනවා.

මෙම තරුණිය බසයට ගොඩවී ඇත්තේ නාවින්නට ආසන්නව පිහිටි බස් නැවතුමකිනුයි.

උදෑසන කාලය නිසා බසයේ සෙනඟ පිරී තිබී ඇති අතර තරුණිය නුගේගොඩ වනතුරුම පාපුවරුව අසල අසුන අල්ලාගෙන ගමන් කරන්නට වී තිබෙනවා.

නුගේගොඩදී බසයේ සිටි පිරිසගෙන් වැඩි ගණනක් බැසගත් නිසාවෙන් තරුණියට ඉඳගන්නට අසුනක් හිමිවීමත් සම‍ඟ ඇය සිය දුරකථනය ගෙන යමෙකුට කතාකරන්නට වී තිබෙනවා.

ඇයගේ ඉරියව්වෙන් පෙනී ගොස් ඇත්තේ ඒ ආදරවන්තයෙකු හා ආදරවන්තියක අතර සිදුවන යම් කතාබහක් ලෙසිනුයි. වාහන තදබදය නිසාවෙන් කතාබහත් දික්ගැස්සී කිරුළපන නැවතුම ළංවත්ම තරුණිය විසින් එකවරම දුරකථනය විසන්ධි කර බෑගය බහාගන්නට වී තිබෙනවා.

ඒ අන් කිසිවෙක් නිසානොව ඇය හොඳින්ම දන්නා තවත් තරුණයෙකු එම බසයට ගොඩවෙනු දැකීමෙනුයි. කිසිවක් නොදන්නා අයෙකු ලෙසින් තරුණයා දෙස සිනහවක් පෑ ඇය ඉඳගෙන සිටි අසුන අසළට තරුණයාව ගෙන්වා ගන්නේ කිසිදු වචනයක් හෝ මුවින් පිටනොකර ඇසේ එක් බැල්මකිනුයි.

මිනිත්තු 20ක් පමණ තරුණයා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන තරුණිය එක්වරම තරුණයාගේ අතින් අල්ලාගෙන යන්නට වීමත් සමඟ ඇයගේ අසුනේ අනෙක්පස සිටි පුද්ගලයා විමතියෙන් මෙන් ඇයගේ මුහුණ දෙස බැලුවේ පෙර ඇය දුරකථනය සංවාදයේදී අනෙක් පාර්ශවය වෙත පැවසූ දේවල්වලින් බිඳක් හෝ ඔහුගේ කනට වැටුණු නිසා වන්නට පුලුවන්.

අහෝ මෙවන් ලෝකයක් යැයි සිතාදෝ ඔහු ජනෙලයෙන් එපිට බලාගෙන යන අතරතුර තුම්මුල්ල බස් නැවතුමක බසය නතරවත්ම බසයේ සිටි සියළු දෙනාගේම ඇස් අදහාගත නොහැකි ලෙසින් පෙනීයන්නට වුනේ හිදගත් අසුනෙන් එකවර නැගිටුණු තරුණියක බසයේ මැද තරුණයෙකු සිපගෙන සිටින අයුරුයි.

ඒ අසල දරුවෙකු ළඟතබාගෙන සිටි මවක් කරකියාගත නොහැකිවදෝ සිය සාරිපටෙන් දරුවාගේ ඇස්වසන්නට උත්සාහ කරන අතර තරුණියගේ අසුනේ අනෙක්පස සිටි පුද්ගලයා මහ හයියෙන් කෑ ගහන්නට වූයේ ‘‘වනචර හැත්ත මුං බස් එකක යන්න දන්නේ නෑ‘‘ ලෙසිනුයි.

තත්පර 30ක පමණ නාට්‍යකින් පසුව තරුණිය බසයෙන් බැස යන්නට වූ අතර බසයේ කොනක සිටි පාසැල් සිසුන් බසයේ තනිවුණු තරුණයාට විහිළුවට මෙන් සිනාවන්නට වූවත් බසයේදී නොසිතූ මොහොතක සිදුවූ මෙම සිදුවීමෙන් ඔහු දැඩි අපහසුතාවයකට පත්වුනු බවක් දැකගන්නට ලැබී තිබෙනවා.

කම්මුල පැත්තකින් අල්ලාගෙන අසුනේ මුල්ලකට වී ගමන් කරනවා හැර තරුණයාට වෙන කරන්නට දෙයක් නොමැතිබැව් පෙනීගියේ තරුණිය දුන් හාදුවෙන් තමන්ගේ රෙදි බසයේදී ගැලවුනාදෝ යැයි සිතේ කොනක සැකයක් මතුකරමිනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: